Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
මලයාසියාවේ ක්වාලලාම්පුර් නුවර දී පෙරේදා (17) ආරම්භ වූ බේස් බෝල් -5 අන්තර් ජාතික තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වූයේ ආසියානු බේස්බෝල් සංගමයෙන් ලැබුණු ආරාධනාවට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය අසමත්වීම නිසා බවට චෝදනාවක් නැගී තිබේ. ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් නවයක් ඒ සඳහා නිර්දේශ කර ගෙන තිබුණත් ශ්‍රී ලංකාවට විද්‍යුත් තැපෑල ඔස්සේ ලැබුණු ආරාධනාව නොසළකා හරිමින් කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය උදා වූ බවට වැඩිදුරටත් චෝදනා නැගේ.
ක්වාලලාම්පූර් නුවර දී පෙරේදා ආරම්භ වූ මෙම තරගාවලිය අද (19) නිමාවට පත්වීමට නියමිතය. මෙම බේස්බෝල් තරගාවලිය බේස්බෝල් ක්‍රීඩාවේ අලුත් ආකෘතියකට සංවිධානය කෙරෙන පස් සාමාජික තරග ඉසව්වකි. එකී කාරණය නිසාම, මෙම තරගාවලියට සහභාගිවීම් විශේෂ වැදගත්කමක් ඊට ආරාධනා ලබා තිබූ රටවලට හිමිව තිබුණි.
ඒ පිළිබඳව ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ හිටපු උප නායකයකු වන තීක්ෂණ ගම්මන්පිල මහතා පැවසුවේ නව ආකෘතියක් තුළ බේස්බෝල් ක්‍රීඩා ඉසව්වකට සහභාගිවීමට ලැබුණු අවස්ථාවක් ශ්‍රී ලංකාවෙන් මග හැරී ගිය බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ තරගාවලිය සඳහා බේස්බෝල් ක්‍රීඩාවේ දියුණුතම රටවල් වන ජපානය, දකුණු කොරියාව වැනි රටවල් සමගත් තරග වැදෙමින් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට තිබු ඉහළ අත්දැකීම් මග හැරී ගිය බවයි.
මලයාසිවේ දී අද නිමාවට පත්වන මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය දක්වා පැමිණෙන කණ්ඩායම් ලබන වසරේ මෙක්සිකෝවේ දී පැවැත්වෙන ලෝක බේස්බෝල් -5 තරගාවලිය සඳහා යොමු කෙරේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමක දී ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ලේකම් සංඛ අබේවික්‍රම මහතා මෙසේ පැවසීය.
මෙම කල් දැමු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා ලැබුණි. 2019 දී පමණ නමුත් එයින් පසුව රටේ උද්ගත වූ කොවිඩ් ව්‍යසනයේ බලපෑම් මත අප මෙම තරගාවලියට මූලිකත්වය දෙන්න උනන්දු වුණේ නෑ. මේක සාමාන්‍ය ආකෘතියේ බේස්බෝල් ජාත්‍යන්තර තරගාවලියක් නොවන හින්දා සහභාගිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඔය කියන අන්දමේ ගැටලුවක් පැන නගින්නෙත් නෑ.
සාමාන්‍ය බේස්බෝල් ක්‍රීඩාවේ දී තරග වදින කණ්ඩායමක එකවර ඇතුළත් ක්‍රීඩකයන් ගණන නවයකි. එහිදී කණ්ඩායමකට 25 දෙනකු දක්වා වන පරිදි අතිරේක ක්‍රීඩකයන් පිරිසක්ද රඳවා ගත හැකිය.
ලෝක බේස්බෝල් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දැන් 42 වැනි ස්ථානයේ රැඳී සිටියි. ජපානය එහි පළමු තැනේ පසුවෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.