Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
-------------------
නාමල් පතිරගේ
-------------------
තරග වැදුණු දෙපාර්ශ්වයටම තනතුරු බෙදීගිය උණුසුම් නිලවරණයක් නිමාවේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස එච්. එල්. ක්‍රිෂාන්ත මහතා වැඩි ඡන්ද දෙකකින් තේරී පත්විය. ක්‍රිෂාන්ත මහතා හිටපු නමගිය පාපැදි ශූරයෙකි. ක්‍රිෂාන්ත මහතා සභාපති තනතුර ලබාගත්තේ තවත් හිටපු නමගිය පාපැදි ශූරයෙකුවන බී.ජේ. සුමනසේකර මහතා ඡන්ද 21-19ක් ලෙස පරාජයට පත් කරමිනි. දෙදෙනාම හිටපු පාපැදි පරිපාලනයේ උප සභාපති ධුර දැරුවෝ වෙති.
වසරක පාලන කාලයක් සඳහා වන පාපැදි සම්මේලනයේ නිලවරණය (2021-22) අද (6) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා සමාජ හා අනු සංගම් 40කගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. අවසන් මොහොතේ දී නාවික හමුදාව සහ අනුරාධපුර ටූවිල් යන ක්‍රීඩා සමාජ දෙකේ හා පාසල් පාපැදි සංගමයේ ඡන්ද බලය අහෝසිකර තිබුණි.
ලේකම් ධුරය සඳහා ඡන්ද 26ක් ලබමින් තේරී පත්වූයේ නලින් අධිකාරිආරච්චි මහතායි. ඔහු සමග එම ධුරයට තරග වැදුණු එච්. ඒ. කරුණාරත්න මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද 14ක් පමණි. කුමාර මොලගොඩ මහතා සමඟ තරග වැදුණු ඊ. එම්. දිසානායක මහතා අද පැවැති පාපැදි නිලවරණයේදී වැඩි ඡන්ද තුනකින් (21-19) උප ලේකම් ධුරයට පත්විය.
උප සභාපති ධුර හයක් සඳහා අපේක්ෂකයන් දෙපාර්ශ්වයෙන්ම තේරීපත් විය. එහිදී එච්.ඩබ්. පණ්ඩිතරත්න මහතා වැඩිම ඡන්ද ලබමින් (26) උප සභාපති ධුරයට පත්විය. සාග් රන් පදක්කම්ලාභි හිටපු සුපිරි පාපැදි ශූරයෙකු වන සී. පී. මීමනගේ පරාජය අවධානයට යොමුවිය.
ඔහුට උප සභාපති ධුරයකට තරග වැදී ලබාගත හැකිවූයේ ඡන්ද 15ක් පමණි. හිටපු ජාතික පාපැදි පුහුණුකරු උපාලි රත්නායක මහතාට අත්වූයේද පරාජයකි. උප සභාපති ධුරයකට තරග වැදුණු ඔහුට ලබාගත හැකි වූයේද ඡන්ද 13ක් පමණි. ලෝරන්ස් ජයලත් (11) බී.ජේ. සුමනසේකර (03), ඩබ්. ඒ. කරුණාරත්න (02) පරාජිත සෙසු උප සභාපති අපේක්ෂකයෝ වෙති.
භාණ්ඩාගාරික ධුරය තහවුරු කරගත් ගුරුගේ ජයසේන මහතා මෙවර නිලවරණයේදී වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා වූයේ ඡන්ද 27ක් ලබමිනි. එම ධුරයට තරග වැදුණු ජනක ප්‍රනාන්දු මහතාගේ ඡන්ද ගණන 12 කට සිමා විය.
සභාපති එච්.එල්. ක්‍රිෂාන්ත මහතා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වයේ ආශිර්වාදයෙන් නිලවරණයට නාමයෝජනා භාර දී තිබුණි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව විධායක සභාව
සභාපති - එච්.එල්. ක්‍රිෂාන්ත මහතා (ඡන්ද 21)
ප්‍රධාන ලේකම් - නලින් අධිකාරිආරච්චි මහතා (26)
උප ලේකම් - ඊ.එම්. දිසානායක මහතා (21)
භාණ්ඩාගාරික – ගුරුගේ ජයසේන මහතා (27)
උප සභාපතිවරු (තනතුරු 7 යි) -
එච්.ඩබ්. පන්ඩිතරත්න (25), සම්පත් ක්‍රිෂාන්ත (23), ප්‍රභාත් සිල්වා (20), ක්‍රිෂාන්ත පියසේන (20), චන්දන කඳනආරච්චි (19), මහේෂ් මොල්ලිගොඩ (19) - එක් ධුරයක් පාසල් සංගමයට නිල බලයෙන් හිමිවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.