Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාපැදි පුහුණු වැඩමුළුව අද - හෙට කොළඹදී

පාපැදි පුහුණු වැඩමුළුව අද - හෙට කොළඹදී

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ (2019) සැප්තැම්බර් මාසයේ නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් මෙටර ජාතික පාපැදි තරගකරුවන් සඳහා පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පුහුණු හා සංවර්ධන කමිටුව පියවර ගෙන තිබේ. මෙම දෙදින නේවාසික වැඩමුළුව අද (21 වැනිදා) පෙරවරු 8.00 සිට හෙට (22 වැනිදා) පස්වරු 5.00 දක්වා ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා පා පැදි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හයවන ගුවන් හමුදාව, නාවික හමුදාව, යුධ හමුදාව, පොලිසිය, වරාය අධිකාරිය සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සිය කණ්ඩායම්වල දක්ෂතම ක්‍රීඩකයින් 10 දෙනා බැගින් මෙම වැඩමුළුව සහභාගි කරවා තිබේ. ජාතික පාපැදි පුහුණුකරුගේ අධීක්ෂණයෙන් සහ ඒ ඒ කණ්ඩායම් වල පුහුණුකරුවන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළුව පැවැත්වේ.

ජාතික පාපැදි තරග කාල සටහනට ඇතුලත් ගුවන් පා පැදි සවාරිය, ටෙලිකොම් පාපැදි සවාරිය, ජාතික පාපැදි ශූරතාවලිය සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම අන්තර් ජාතික පාපැදි තරගය වන ‘ටී-කප්’ පාපැදි තරගයද මෙම පුහුණු වැඩමුළුවේ ඉලක්කගත තරග වේ.


- 036

 


අදහස් (0)

පාපැදි පුහුණු වැඩමුළුව අද - හෙට කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.