Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් දිස්ත්‍රික් පාසල් ඒකාබද්ධ වයස 20න් පහළ හොකී (බාලක හා බාලිකා) තරග මාලාව අද (27) පෙරවරු 8ට කොළඹ රීඩ් මාවත කෘත්‍රිම හොකී පිටියේ දී ආරම්භ වේ.
ලබන බ්‍රහස්පතින්දා (30) දක්වා පැවැත්වෙන මෙම තරගමාලාව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය සංවිධානය කරන්නේ වසර තුනකට පසුවයි. ඒ සඳහා බාලක කණ්ඩායම් 13ක් හා බාලිකා කණ්ඩායම් හතක් තරග වැදීමට නියමිතය.
මෙවර පළමු වතාවට තරග මාලාවේ සියලු තරග කෘත්‍රිම තරග තීරුවක දී පැවැත්වීම විශේෂත්වයකි. ජාතික කනිෂ්ඨ හොකී කණ්ඩායම් හා සංචිතවල කල් ගෙවන ප්‍රබල ක්‍රිඩක ක්‍රීඩිකාවන් මෙම තරග මාලාවේ දී ඒකාබද්ධ පාසල් කණ්ඩායම් නියෝජනය කරමින් තරග වැදීම තුළින් තරග මාලාව වඩාත් තියුණු මුහුණුවරක් උසුලයි.
බස්නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තරග මාලාව කොළඹ දී සංවිධානය කිරීමට සහයෝගය ලබාදුන් බව ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ ලේකම් අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පවසයි.
ශෂිකලා සේනාධීර මහත්මිය සභාපති ධුරයට පත්වීමෙන් පසුව පාසල් හොකී සංගමය සංවිධානය කරන පළමු තරගාවලියත් මෙය වේ. කාණ්ඩ ලීග් ක්‍රමය යටතේ තරග මාලාවේ මූලික වටය පැවැත්වේ. අවසන් මහ තරග බ්‍රහස්පතින් දා (30) පස්වරුවේ දී පැවැත්වේ.
සහභාගි වන කණ්ඩායම්
♦ බාලක කණ්ඩායම් සහභාගිවන දිස්ත්‍රික්ක - කොළඹ, කළුතර, ගම්පහ, මාතලේ, මහනුවර, පුත්තලම, ගාල්ල, මාතර, බදුල්ල.
♦ බාලිකා කණ්ඩායම් සහභාගිවන දිස්ත්‍රික්ක - කොළඹ, කළුතර, මාතලේ, මහනුවර, පුත්තලම, ගාල්ල, මාතර, බදුල්ල.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.