Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් බේස්බෝල් ශූරතාව රිච්මන්ඩ් විදුහලට

පාසල් බේස්බෝල් ශූරතාව රිච්මන්ඩ් විදුහලට

editorial - 2023 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 20 න් පහළ සමස්ත ලංකා  බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය. කොළඹ රාජකීය විද්‍යාලය තරගාවලියේ අනු ශූරතාව හිමිකරගත් අතර තෙවැනි ස්ථානය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට හිමිවිය. 

දියගම ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ අවසන් මහ  තරගයේදී ලකුණකින් සහ ඉනිමකින් කොළඹ රාජකීය විද්‍යාලය පරාජයට පත් කරමින් රිච්මන්ඩ් විද්‍යාලයීය බේස්බෝල් ක්‍රීඩකයෝ තරගාවලියේ ශූරතාවට හිමිකම් කීහ.  

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජකීය විදුහල ඉනිම් 7 අවසානයේ ලකුණු 12 ක් ලබාගත් අතර රිච්මන්ඩ් විදුහල ඉනිම් 6 අවසානයේ ලකුණු 13 ක් රැස්කරමින් තරගයේ ජය තමන් සතුකර ගත්තේය. තරගාවලියේ දක්ෂතම පන්දුවට පහරදෙන්නා ලෙස රිච්මන්ඩ් විදුහලේ පියුශාන් තරීන් විමලවීරත්, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා එම විදුහලේම ඉඳුසර බමුණුකුලත් සම්මාන දිනාගත්හ. 

ජයග්‍රාහී රිච්මන්ඩ් කණ්ඩායම 

ඉදිරි පෙළ වමේ සිට දකුණට - 
චන්දිම ජයසේකර මහතා (පුහුණුකරු), නුවන් ජයසිංහ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), නෙතුමි සංකලන (නායක), පී.එස්. පුෂ්පකුමාර මහතා (විදුහල්පති), සංදීප මධුසංඛ (උප නායක), පී.ඒ. ධර්මරත්න මහතා (සහකාර විදුහල්පති - ක්‍රීඩා සහ භෞතික සම්පත්) සහ ජනක ප්‍රදීප් මහතා (සහාය පුහුණුකරු) 

පසු පෙළ වමේ සිට දකුණට - 
සනහස් රමිදු, එනෝෂ් ෂෙහාන්, බිනුල් නේලක, ප්‍රවීන් මනුක, විනූෂ ලෝමිත, සසිඳු ලක්ෂිත, පියුශාන් තරීන්, ගිහේන් නිමිජය, කසුන් නිෂාන්ත, චාරුත පවන්, ජනිත් සවින්ද්‍ය, ලෙහාන් රන්දික, ඉඳුසර බමුණුකුල සහ තිසුන් තරූෂ 

-036 


අදහස් (0)

පාසල් බේස්බෝල් ශූරතාව රිච්මන්ඩ් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.