Last Update  :  2025-03-16 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් සවි එසවීමේ ශූරතාවලිය 26-27

පාසල් සවි එසවීමේ ශූරතාවලිය 26-27

editorial - 2023 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් සවි එසවීමේ සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් සවි එසවීමේ ශූරතාවලිය මේ මස 26 සහ 27 දිනවල, කොළඹ 07, ටොරින්ටන් පෙදෙස් ක්‍රීඩා අමාත්‍යං්‍ය ගෘහසථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. ඒ සඳහා සවි එසවීමේ ක්‍රීඩාවේ නියුතු අවුරුදු 16, 18 සහ 20 යන වයස් කාණ්ඩයන්හි හි දරුවන්ට ඉදිරිපත් විය හැකිය.

අයැදුම්පත් මේ වන විටත් පාසල් වෙත යොමුකර තිබෙන අතර සම්පූර්ණ කළ අයැදුම්පත් පාසලේ ක්‍රීඩා භාර ආචාර්යවරයාගේ සහ විදුහල්පතිතුමන්ගේ අනුමැතිය ද සහිතව, ශ්‍රී ලංකා පාසල් සවි එසවීමේ සංගමය, ආනන්ද බාලිකා විද්‍යාලය, කොළඹ 10 යන ලිපිනයට එවිය යුතුය. අයැදුම්පත් බාරගැනීමේ අවසන් දිනය ලෙස අගෝස්තු 22 වැනිදා සටහන් කර තිබේ.
 
වැඩි විස්තර සඳහා දුරකතන අංක 0769-074681 ඔස්සේ පාසල් සවි එසවීමේ සංගමයේ ලේකම්වරිය වන එන්.එල්.ඒ. තත්සරණි මහත්මිය හා සම්බන්ධ විය හැකිය.


- 213


අදහස් (0)

පාසල් සවි එසවීමේ ශූරතාවලිය 26-27

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.