Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් හොකී තරගාවලි 10 ක් අවලංගු වෙයි

පාසල් හොකී තරගාවලි 10 ක් අවලංගු වෙයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන නිරෝධායන උපදෙස්  අඩංගු චක්‍රලේඛයට අනුව මෙම වසරට නියමිත පාසල් හොකී (බාලක/ බාලිකා) තරගාවලි 10ක් අවලංගු කෙරෙන තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇතැයි පාසල් හොකී ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඒ අනුව මෙම වසරට නියමිත සියලු පාසල් හොකී තරගාවලි නොපැවැත්වෙන ලකුණු පළවී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ආරම්භ කිරීමෙන් පසුව නිරෝධායන සෞඛ්‍ය නීතිරීති දැඩිලෙස පිළිපැදිය යුතු බවට එම චක්‍රලේඛයෙන් දැනුම්දී ඇති නිසාය.

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ ප්‍රකාශකයකු පැවසුවේ හොකී ක්‍රීඩාව කිරීමේදී ඇතැම් ක්‍රීඩා ඉසව්වලට සාපේක්ෂව ක්‍රීඩකයන් අතර තරමක දුරස්ථභාවයක් රැඳී පැවැතියත් තරගයක විවේක කාලයක් ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී කණ්ඩායමේ ක්‍රීඩකයන් එකවර ඒකරාශීවීම වැළැක්විය නොහැකි බවයි. එම තත්ත්වය තුළ හොකී ක්‍රීඩාවට ද නිරෝධායන නීති වලංගු වන බව ඔහු පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයට නියම කර ඇත්තේ සංවිධානය කෙරෙන සෑම සමස්ත ලංකා පාසල් හොකී තරගාවලියක් සඳහාම තමන්ගෙන් වෙන වෙනම අනුමැතිය ලබා ගතයුතු බවය. පවත්වා අවසන් කෙරෙන තරගාවලියේ වාර්තාවත් අධ්‍යාපන අමාත්‍යාංශයට දිය යුතුව තිබේ.

ඒ අනුව මෙම වසරේ මාර්තු මාසයෙන් පසුව රට තුළ උද්ගත වූ කොවිඩ් වසංගත තත්ත්වය තුළ පාසල් හොකී සංගමයේ වාර්ෂික (2020) තරග දින දසුන හා සංවර්ධන වැඩසටහන් මාලාව අක්‍රිය තත්ත්වයට පත්ව  තිබේ. එහෙත් වසර 2019 ට නියමිතව තිබියදී එම වසරේදී පවත්වා අවසන් කිරීමට නොහැකිවූ අන්තර් පාසල් වයස 14න් පහළ හොකී තරග මාලාව පසුගිය ජනවාරි මාසයේදී මිහින්තලේදී පැවැත්වීමට පාසල් හොකී සංගමය සමත්ව තිබේ.

කෙසේ වුවත් මෙම වසරට ශ්‍රී ලංකාවට කිසිදු අන්තර් ජාතික පාසල් හොකී තරගාවලියක් හෝ අන්තර් ජාතික කනිෂ්ඨ හොකී තරගාවලියක් යෙදී නොමැත.

 


අදහස් (0)

පාසල් හොකී තරගාවලි 10 ක් අවලංගු වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.