Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සම්පූර්ණ කළ දෙවැනි පිතිකරුවා බවට පත්වීමට එන්.සී.සී පිලේ පැතුම් නිස්සංක ඊයේ (7 වැනිදා) සමත්විය.
ඊයේ තරගය ඇරඹීමට පෙර තරග 6 කදී ලකුණු 899 ක් රැස්කර ගෙන සිටි පැතුම් නිස්සංක සී.සී.සී පිලට එරෙහිව පළමු ඉනිමේදී ශතකයක් (119) ලබාගනිමින් ලකුණු 1000 සම්පූර්ණ කළේය.
මේ වනවිට තරග 7 කදී ඉනිම 12 කට ක්‍රීඩාකර ඇති පැතුම් නිස්සංක ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 1018 ක් රැස්කිරීමට සමත්ව තිබේ. එම ලකුණූ සංඛ්‍යාවට හයේ පහර 5 ක් සහ හතරේ පහර 123 ක් ඇතුළත් වේ.
මෙවර පළමු පෙළ තරගාවලියේදී යුදහමුදා පිලට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක, මුවර්ස්, එස්.එස්.සී සහ සී.සී.සී යන කණ්ඩායම් වලට එරෙහිව ශතක ලබාගත්තේය. ශතකයට ලකුණු 5 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් එස්.එස්.සී පිලට එරෙහිව ලබාගැනීමට තිබූ දෙවැනි ශතකය පැතුම්ගෙන් මඟහැරී ගියේය.
කළුතර පී.සී.සී පිල නියෝජනය කරමින් 2016 වසරේදී පළමු පෙළ තරග සඳහා අවතීර්ණවූ පැතුම් නිස්සංක පළමු පෙළ කණ්ඩායම් කිහිපයක් නියෝජනය කර ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල සහ ශ්‍රී ලංකා වයස 19 පහළ කණ්ඩායම නියෝජනය කිරීමටද පැතුම් නිස්සංක සමත්වී ඇත.
මෙවර අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සම්පූර්ණ කළ පළමු පිතිකරුවා බවට පත්වීමට ඕෂධ ප්‍රනාන්දු පසුගිය සතියේ සමත්විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.