Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියට සහභාගි වීම සඳහා තායිලන්තය බලා ගිය ජාතික පැසිපන්දු කණ්ඩායමට ඔවුන්ගේ නියමිත ගුවන් යානය මඟහැරී ගියේය. රටකින් රටකට යද්දී ඒ වෙනුවෙන් හොඳ පූර්ව සූදානමකින් සිටිය යුතුවන නමුත් ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායම මෙවර කටයුතු කර තිබෙන නොසැලකිළිමත් ආකාරය ගැන පැසිපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ දැඩි කණස්සල්ල පළකරති.
17 දෙනෙකුගෙන් සමන්විත ක්‍රීඩිකාවන් සහ සහායක කාර්ය මණ්ඩලයට ගුවන් ගමන මගහැරීමත් සමඟ වෙනත් ගුවන් සමාගමකින් නව ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයට සිදු විය. ඒ වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 18 කට වැඩි මුදලක් වියදම් කිරීමටත් ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයට සිදු වූ බව වාර්තා වේ.
ගුවන් ගමනේ ප්‍රමාදය හේතුවෙන් තායිලන්තයට ගොඩබට විගසින් පළමු තරගයට මුහුණ දීමට සිදුවූ ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තානය හමුවේ ලකුණු 64-34 ක දරුණු පරාජයක් ලැබුවේය. අද (14 වැනිදා) පැවැති දෙවැනි තරගයේදීත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජෝර්දානය හමුවේ ලකුණු 82-41 ක් ලෙස පරාජය වූහ.
තරගාවලියේ ශ්‍රී ලංකාවට ඉතිරි එකම තරගය සත්කාරක තායිලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (අඟහරුවාදා) පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.