Last Update  :  2025-03-16 17:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2023 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ස්ටාර් පිහිනුම් හා ජීවිතාරක්ෂක පුහුණු පාසල සිය 10 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන විවෘත පිහිනුම් හා ජීවිතාරක්ෂක පිහිනුම් තරගාවලිය සඳහා අගෝස්තු මස 18 දක්වා අයදුම්පත් භාර ගැනේ.

තරග ඉසව් හතරක් යටතේ මෙම තරගාවලිය පැවැත්වෙයි. තරග ඉසව් හතරම අම්බලන්ගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින්,  මුහුදේ, ගඟේ සහ පිහිනුම් තටාකයේ පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ.

මේ අතරින් මුහුදු පිහිනුම් තරගාවලිය සැප්තැම්බර් මස 8 වැනිදා පෙරවරුවේදී අම්බලන්ගොඩ පටබැදිමුල්ල වෙරළ තීරයේදී පැවැත්වේ. එය සැතපුම් එකක  විවෘත (කාන්තා/පිරිමි) තරගයකි. එදිනම  පෙරවරු 8.00 ට විවෘත (කාන්තා/පිරිමි) තරගයක් ලෙස ජීවිතාරක්ෂක පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩ මාදම්පා ගඟේදී පැවැත්වේ.

සැතපුම් එකක විවෘත (කාන්තා/පිරිමි) පිහිනුම් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා පෙරවරු 7.30 ට අම්බලන්ගොඩ මාදම්පා ගඟේදී පැවැත්වෙන අතර එදිනම  පෙරවරු 10.30 ට වයස් කාණ්ඩ කෙටිදුර පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් පිහිනුම් තටාකයේදී පැවැත්වේ.

මෙම තරගාවලි සදහා වැඩි විස්තර හා ඒ සඳහා අයදුම් කළ හැකි ආකාරය පිළිබදව 0701-340731හෝ 0761-687184 යන ජංගම දුරකතන ඔස්සේ ලබාගත හැකිය. නැතහොත් 0772-059428 වට්ස්ඇප් අංකයට සම්බන්ධවී ලබාගත හැකිය.


අදහස් (0)

පිහිනුම් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.