Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ශූරතා ත්‍රිත්වයකට හිමිකම් කියන ස්ලෝවැකියාවේ පීටර් සාගන් දණහිසේ ආබාධයක් හේතුවෙන් ඊයේ (8 වැනිදා) මෙවර ප්‍රංශ පාපැදි සවාරියෙන් ඉවත් විය. මේ වන විට 31 වැනි වියේ පසුවන ඔහු 2015, 2016 සහ 2017 යන වසර වලදී පිට පිටම ලෝක පාපැදි ශූරතාව දිනාගැනීමට සමත් විය.
මේ දක්වා ප්‍රංශ පාපැදි සවාරිවල අදියර 12 ක් ජයගෙන සිටි සාගන්ට සිය ආබාධ තත්ත්වය හේතුවෙන් මෙවර ප්‍රංශ පාපැදි සවාරියේ 12 වැනි අදියර ආරම්භ කිරීමට නොහැකි විය. ශාන්ත-පෝල්-ට්‍රොයිස්-චැටෝක්ස් නගරයේ සිට නිම්ස් නරගය දක්වා වූ එම අදියර කිලෝ මීටර් 159.4 කින් සමන්විත විය.
"ඊයේ ස්ප්‍රින්ට් අදියර තුළදී මගේ දණහිස ආබාධයකට ලක්වුණා. ඒත් කෙසේ හෝ එම අදියර නිමා කිරීමට මට හැකි වුණා. අද උදෑසන අවදිවන විට මට ලොකු වේදනාවක් දැණුනා. කොටින්ම මට දෙපයින් නැගිට ගන්නවත් බැරි වුණා." යැයි සාගන් ඊයේ මාධ්‍ය අමතමින් පැවසීය.
ආබාධ තත්ත්වය හේතුවෙන් තමා ප්‍රංශ පාපැදි සවාරියෙන් ඉවත්වන බවත්, එය සුව වීමට යම් කාලයක් ගතවනු ඇති බවත් පැවසූ සාගන්, මේ මස 24 වැනිදා පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ පාපැදි තරගයට සහභාගිවීමට තමාට හැකි වේවිදැයි යන්න දැන්මම නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි බවද කියා සිටියේය.
ලොව ප්‍රධාන පෙලේ පාපැදි සවාරි තුනෙහිම එක් අදියරක් හෝ ජයගත් ක්‍රීඩකයන් ගොන්නටද ඇතුළත්ව සිටින සාගන්, මින් පෙර ඉතාලි පාපැදි සවාරියේ අදියර 2 ක්ද, ස්පාඤ්ඤ පාපැදි සවාරියේ අදියර 4 ක්ද ජයගෙන සිටියේය. 2016 වසරේදී යුරෝපීය පාපන්දු ශූරතාව ජයගනු ලැබුවේද සාගන් විසිනි.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.