Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මුහුණ දුන් පළමු චෙස් තරගාවලියෙන්ම ශේණිගත කිරීම් හී පළමු 10 දෙනා අතරට පිවිසෙමින් සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට තවමත් 6 වැනි වියේ පසුවෙන ගිත්මිර ප්‍රනාන්දු සමත් වේ.
රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ දී පැවැති ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් කොළඹ දිස්ත්‍රික් චෙස් තරගාවලියේ වයස 7න් පහළ (බාලක) ඉසව්වට සහභාගී වූ පිළියන්දළ, මාකන්දන ශ්‍රී සුදර්ශන ආදර්ශ මහා විද්‍යාලයේ පළමු ශේණියේ ඉගෙනුම ලබන ගිත්මිර එම විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලියට එක් වූ එක ම ක්‍රීඩකයා ද විය.
තරගාවලියේ එම ඉසව්වෙන් ගිත්මිර සමග ක්‍රීඩකයන් 11 දෙනෙක් සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබා ගත් අතර එහි දී ආධුනික ක්‍රීඩකයෙක් ලෙසින් ඊට සුදුසුකම් ලබා ගන්නේ ද ගිත්මිර යි.
තම පියා වූ බුද්ධික ප්‍රනාන්දු සමඟ අන්තර්ජාලයේ ඔස්සේ ඔහු මෙම ක්‍රීඩාවේ නිරත වෙයි. සමස්ත ලංකා තරගාවලියේ දී අධි ශ්‍රේණියේ ජයග්‍රහණයක් කරා යෑම සිය බලාපොරොත්තුව බවට ගිත්මිර පවසයි. මෙම තරගාවලියට එක් වීමට විද්‍යාලයීය විදුහල්පති ජී. එල්. පැතුම් සංජීව මහතා දැක්වූ දායකත්වයට ඔහු තුති පුද කරයි.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.