Last Update  :  2025-03-16 17:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පුහුණුකරුවකු නොමැතිව ශ්‍රී ලංකා මේසපන්දු පිල දකුණු කොරියාවට

පුහුණුකරුවකු නොමැතිව ශ්‍රී ලංකා මේසපන්දු පිල දකුණු කොරියාවට

editorial - 2023 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

දකුණු කොරියාවේ පියොන්චන් නුවරදී පැවැත්වෙන 26 වැනි ආසියානු මේසපන්දු ශූරතාවලියට සහභාගීවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (1 වැනිදා) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

ආසියානු මේසපන්දු සංගමයේ සංවිධනයෙන් මෙම මස 2 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ආසියානු රටවල් 23 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 105 ක් සහ ක්‍රීඩිකාවන් 93 ක් සහභාගි වනු ඇත.

නුවන්ත නිරෝෂන, ප්‍රසාද් ද සිල්වා, දිනේෂ් දේෂප්‍රිය සහ විරුණක හෙන්දහේවා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් වන අතර බිමන්දි බණ්ඩාර, මනීෂා ශලින්දි සහ හංසනී පියුමිලා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩිකාවෝ වෙති.

කුමුදි ද සිල්වා මහත්මිය කණ්ඩායමේ බාලිකාවන් භාර නිලධාරිණිය සහ කලමණාකාරිණිය ලෙස කටයුතු කරන නමුත් මෙම කණ්ඩායමට පුහුණුකරුවකු ඇතුළත්ව නොමැත. තරග සංවිධායකයන් ආහාර පාන සහ නවාතැන් සඳහා පහසුකම් සපයන්නේ එක් නිලධාරියකු හෝ නිලධාරිණියක සඳහා පමණක් වීම ඊට හේතු වී තිබේ.   

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුකරුවකු යවන්නේ නම් ගුවන් ප්‍රවේශපත්, ආහාර පාන සහ නවාතැන් වෙනුවෙන් වැය වන මුදල ඔහුට පෞද්ගලිකව දරාගැනීමට හෝ අනුග්‍රාහකයකු මාර්ගයෙන් සොයාගැනීමට සිදුවනු ඇත. එබැවින් පුහුණුකරුවකු නොමැතිව කණ්ඩායමට පිටත්කර යැවීමට ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට සිදුව තිබේ.

තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා අගෝස්තු මස මුල් භාගයේදී තේරීම් තරගාවලියක් පවත්වා ඇති අතර ඊට සහභාගිවන ලෙස මේසපන්දු ජාතික ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන් 8 දෙනාට සහ ක්‍රීඩිකාවන් 8 දෙනාට ආරාධනා කිරීමට මේසපන්දු සංගමය පියවර ගෙන තිබිණ.  

කෙසේ වුවත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විවිධ හේතූන් මත එම තේරීම් තරගාවලියට සහභාගි වීමෙන් වැළකී ඇති අතර සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ඉහළම දක්කම් දැක්වූ පිරිස තරගාවලිය සඳහා තෝරාගනු ලැබ ඇත.

මේසපන්දු බාලක කණ්ඩායම...

 

මේසපන්දු බාලිකා කණ්ඩායම...


අදහස් (0)

පුහුණුකරුවකු නොමැතිව ශ්‍රී ලංකා මේසපන්දු පිල දකුණු කොරියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.