Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලිය අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 5 දක්වා කළුතර වස්කඩුව සිට්රස් හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාව ඇතුලු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 20 ක පමණ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට එක්වන බව සංවිධායකයෝ කියති. චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් පමණ තරගාවලියට සහභාගිවීමට නියමිතය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් හා සත්කාරකත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලියක් ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි.
තරගාවලිය වයස 8න් පහළ,10න් පහළ, 12න් පහළ, 14න් පහළ, 16න් පහළ, 18න් පහළ සහ 20න් පහළ වශයෙන් කාන්තා සහ පිරිමි අංශ දෙකින්ම පැවැත්වේ.
තරගාවලිය අංශ තුනක් යටතේ ක්‍රියාත්මක කෙරේ. වේගී(රැපීඩ්), අධි වේගී(බ්ලිට්ස්) සහ සම්මත(ක්ලැසිකල්) එම තරග අංශ තුනයි. තරග අංශ තුනම තරග වට නවයකින් සමන්විතය.
වේගී(රැපීඩ්), අධි වේගී (බ්ලිට්ස්) හැර අනෙක් තරගය වන සම්මත(ක්ලැසිකල්) තරගය පමනක් දිනකට එක තරග වටය බැගින් පැවැත්වේ. දින නවය තුළ තරග වට 9 නිමාවට පත් කෙරේ. වේගී (රැපීඩ්) හා අධි වේගී (බ්ලිට්ස්) සම්මත (ක්ලැසිකල්) තරගය පැවැත්වෙන අතරතුර තෝරගත් දිනයක වරුවක් ප්‍රයෝජනයට ගෙන තරග වට නවයම පවත්වයි.
තරගාවලියේ ජයග්‍රාහක,ජයග්‍රාහිකාවන් වෙනුවෙන් රන්, රිදී සහ ලෝකඩ පදක්කම්වලට අමතරව මුදල් ත්‍යාගද ප්රදානය කෙරේ. ප්රදානය කෙරෙන සම්පූර්ණ ත්‍යාග මුදල ඇමරිකානු ඩොලර් 15,000 කි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 53,25,000 කි.
තරගාවලියේ ජය සංකේත ප්රදානෝත්සවය පොදු රාජ්‍ය මණ්ඩලයීය චෙස් සම්මේලනයේ ලේකම් සහ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ චෙස් සම්මේලනයේ ප්‍රධානීන් ඇතුලුව දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් මස 5 වැනිදා රාත්‍රී 8.00 ට වස්කඩුව සිට්රස් හෝටලයේදී පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.