Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන කෝ - කෝ ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකාව පිරිමි කාන්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. පිරිමි තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකාව විසින් පෝලන්තයට එරෙහිව ලකුණු 105 - 40 ක දැවැන්ත ජයක් ලබමින් සී කාන්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්වූයේ ප්‍රසාද ලකුණු නවයක් ලබමිණි.එයින් ශ්‍රී ලංකාව අර්ධ අවසන් පුර්ව වටයට පිවිසීම සනාථ කර ගත්තේය.
කෙසේවූවත් මූලික වටයේදී ජයග්‍රහණ දෙකකට පමණක් සීමාවීමෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය. රටවල් 24 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලෝක කුසලාන කෝ - කෝ තරගාවලිය ඉරිදා (19) නිමාවට පත්වේ.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අර්ධ අවසන් පූර්ව තරගය අද (17) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතව තිබුණි. මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වන්නේ නම් පිරිමි කාන්ඩයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ඔවුන්ට හිමි වෙයි.
මේ වන ආසියානු කෝ කෝ ශූරතාවලියේ (පිරිමි) රන් පදක්කම්ලාභීයා වන්නේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව එහි ලෝකඩ පදක්කම්ලාහියායි.
කෝ - කෝ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකම යුරෝපා රටවලට එරෙහිව ප්‍රබල දස්කම් දක්වමින් ජයග්‍රහණ ලබා ගැනීම කැපී පෙණුනි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මූලික වටයේ තරග ගණනාවකදීම දක්ෂතම ක්‍රීඩකයාට සහ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන දිනා ගැනීමට සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක පසිදු සල්මින්ද තරග තුනකදීම තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.
තරගයකදී සිදුවූ අනතුරකින් ශ්‍රී ලංකා (පිරිමි) කණ්ඩායමේ නායක සහන් දිනේෂ් ආබාධ තත්වයට පත්වීමෙන් ඔහුට එතැන් සිට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ බව වාර්තාවේ.
නවදිල්ලියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි වූයේ ලෝක කෝ - කෝ සම්මේලනයේ පූර්ණ අනුග්‍රාහයෙනි. සංචාරක ශ්‍රී ලංකා කෝ - කෝ කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් පිළිගැනීමේ උත්සවයක් නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලයේදී සිදු කෙරුණි.
ඉන්දියාවෙන් බිහිවුණු කෝ - කෝ ක්‍රීඩාව 2030 දී කැනඩාවේදී (හැමිල්ටන්) පැවැත්වෙන 26 වැනි පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළටත් ඇතුළත් කර තිබේ. 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් උලෙළට කෝ - කෝ ක්‍රීඩාව නිර්දේශ කිරීම සදහා මේ වන විට ඇයැදුම් කර තිබේ.
කෝ - කෝ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගිවූ තරග ප්‍රතිපල
පිරිමි - ‘සී‘ කාන්ඩය
බංග්ලාදේශයට එරෙහිව ලකුණු 56 - 24 ක පරාජයක්
ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව ලකුණු 111 - 22 ක ජයක්
දකුණු කොරියාවට එරෙහිව ලකුණු 91 - 22 ක ජයක්
පෝලන්තයට එරෙහිව ලකුණු105 - 40 ක ජයක්
කාන්තා - ‘සී‘ කාන්ඩය
බංග්ලාදේශයට එරෙහිව ලකුණු 79 -14 ක පරාජයක්
නේපාලයට එරෙහිව ලකුණු 110 -10 ක පරාජයක්
ජර්මනියට එරෙහිව ලකුණු 80 - 02 ක ජයක්
භූතානයට එරෙහිව ලකුණු 65 - 19 ක ජයක්
ශ්‍රී ලංකා - බංග්ලාදේශ කාන්තා තරගයේ අවස්ථාවක්...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.