Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බටහිර ආසියානු චෙස් 7දා සිට

බටහිර ආසියානු චෙස් 7දා සිට

editorial - 2024 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් පියන්ත)

හත් වැනි බටහිර ආසියානු යොවුන් චෙස් තරගාවලිය මෙම මස 7 සිට 15 දක්වා වස්කඩුව සිට්රැස් හෝටලයේදී පැවැත්වේ.

ආසියානු චෙස් සම්මේලනය හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම චෙස් තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු බටහිර ආසියාවට අයත් රටවල් 15 කින් පමණ චෙස් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පන්සීයක් පමණ සහභාගිවීමට නියමිතය.

තරගාවලිය අංශ තුනකින් ක්‍රියාත්මක කෙරේ. ක්‍ලැසිකල්, රැපීඩ් හා බ්ලිට්ස් මේ තරග අංශ තුනය. ක්ලැසිකල් අංශය එක් තරග වටයකට කාලය පැය හතරකි. එම තරග අංශය වට නවයකින් සමන්විතය. රැපීඩ් තරග අංශයට කාලය විනාඩි විස්සකි. තරග වට සංඛ්‍යාව හතකි. බ්ලිට්ස් තරග අංශය විනාඩි පහකි. එම තරග අංශයද වට හතකි.

ඒ ඒ තරග අංශ තුනේ ශූරතාවට අනු ශූරතාවට සහ තෙවැනි ස්ථානයට පිළිවෙළින් රන් රිදී හා ලෝකඩ පදක්කම් පිරිනැමේ.


අදහස් (0)

බටහිර ආසියානු චෙස් 7දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.