Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සීසීසී ලයින් 1333 මගින් දස වන වරටත් සංවිධානය කරනු ලබන ‘බයිකතන්‘ පාපැදි සවාරිය අද කිළිනොච්චියේ සිට යාපනය වෙත ළඟා විය. අද දිනයේ සීසීසී ලයින් පාපැදිකරුවෝ කිලෝමීටර 64 ක් පාපැදි පැද යමින්, කිලිනොච්චියේ සිට යාපනය දක්වා පැමිණියහ.
යාපනය නගරය සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් වැනි විවිධ ශ්‍රී ලාංකික ජන කොටස්වලින් ජනාකීර්ණ වූ නගරයක් වේ. එහෙත් සී සී සී 1333 නියෝජිතවෝ භාෂාමය අර්බුද නිරාකරණය කරගනිමින් යාපනය නගරය පුරා විසිරී සිටින සියලු ජනවර්ග ආමන්ත්‍රණය කළහ. එහිදී යාපනයේ රජයේ නිලධාරීන් පිරිසක් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද අද උදෑසන පැවැත්විණ.
සැප්තැම්බර් මස 10 වන දිනට යෙදෙන ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනයට සමගාමීව මෙම පාපැදි සවාරිය සංවිධානය කරනු ලබයි. 1333 අර්බුද නිරාකරණ සහයක දුරකථන අංකයට දින හතේ පැය 24 පුරාම ඇමතිය හැකිය. ඒ සඳහා මුදල් අය නොකෙරේ. ඔබට ඇති ඕනෑම ගැටළුවක් නිරාකරණය කරගැනීම සඳහා, පෞද්ගලිකත්වය සහ රහස්‍යයභාවය ආරක්ෂා කරගනිමින්, සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ඔවුන් සමග සම්බන්ධ විය හැකිය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.