Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බර ඉසිලීමේ මුල් පුටුව බණ්ඩාරට

බර ඉසිලීමේ මුල් පුටුව බණ්ඩාරට

editorial - 2021 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති ධුරයට  අශෝක බණ්ඩාර මහතා ඡන්ද 51ක් ලබා තේරී පත්විය. සූම් තාක්ෂණය ඔස්සේ මෙවර නිලවරණය පැවැත්වීමේදී නව විධායක සභාව සඳහා නවක නිලධාරීන් වැඩි දෙනකුගෙන් තේරී පත්වීම කැපී පෙණුනි.

පරිපාලනයේ නවකයෙකු වන අශෝක බණ්ඩාර මහතා හා සභාපති ධුරයට තරග වැදුණහ. එහෙත් ඩබ්ලිව්.එච්.ඒ. ප්‍රියන්ත මහතාට ඡන්දය ප්‍රකාශවීමක් සිදු නොවුණු අතර නව සභාපති අශෝක බණ්ඩාර මහතා පත්විය.  ක්‍රීඩා පරිපාලනයට නවකයෙකු වුවත් ඔහු හිටපු බර ඉසිලීමේ ජාතික ශූරයෙකි.  බර ඉසිලීමේ සම්මේලනයේ හිටපු සභාපතිවරයා වූයේ නාලක හේවාමද්දුම මහතාය.

ප්‍රධාන ලේකම් ධුරයට ජී. නිෂාන්ත මහතා නිතරගයෙන් පත්වූ අතර උප සභාපතිවරුන් පත් කරගැනීම සිදුවූයේ ඡන්දය විමසීමෙනි.

ශ්‍රී ලංකාව සහභාගිවන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරග මාලාවලදී ශ්‍රී ලංකාව බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් වැඩි පදක්කම් ගණනක් දිනා ගැනීමට සමත්වී තිබේ.

 

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ (2021-23) නව නිලධාරි මණ්ඩලය

♦ සභාපති:- එච්.පී.ඒ.ආර්. බණ්ඩාර මහතා
♦ ප්‍රධාන ලේකම්:- ජී. නිෂාන්ත මහතා
♦ භාණ්ඩාගාරික:- ඒ.එස්.ඩී.එන්. අනුරුද්ධ මහතා
♦උප සභාපතිවරු:- (6) කේ.ඒ. කුමාරදාස, ඒ.කේ.යූ.පී.එස්. කුමාර, ඩබ්ලිව්.ඒ. තාමිල්, එච්.වයි.එස්. රූපසේන, කේ.සී. සිල්වා යන මහත්වරු (එක් ධුරයක් පාසල් සංගමයට පත් කෙරේ.)
♦උප ලේකම්:- චමින්ද රත්නායක මහතා.

- 223

 


අදහස් (0)

බර ඉසිලීමේ මුල් පුටුව බණ්ඩාරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.