Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ බාලිකා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ජය හිමිකර ගත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය ශූරතාවය දිනා ගැනීමට ඊයේ (26 වැනිදා) සමත්විය.
තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලීය ක්‍රීඩිකාවෝ සමත්වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඕවර 25 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96 ක් පමණි. මෙම තරගාවලිය ඕවර 25 කට සීමාවිය.
ලකුණු 25 ක් රැස්කළ අමන්දි ගුණරත්න රත්නාවලී බාලිකා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිය බවට පත්වූවාය.
කවීෂා දිල්හාරී ලකුණු 11 කට කඩුලු 3 ක් සහ සුලේෂා සත්සරණී ලකුණු 14 කට කඩුලු 2 ක් දවාගනිමින් රත්නාවලී බාලිකා විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 97 ක ඉලක්කයක් හඹාගිය දේවපතිරාජ විද්‍යාලය ඕවර 17.3 කදී කිසිවකු නොදැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
ආරම්භක පිතිකාරීයන්වූ නිලක්ෂණා සඳමිණි ලකුණු 53 ක් සහ නුවන්තා රණහංසී ලකුණු 31 ක් රැස්කරමින් දේවපතිරාජ විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
රත්නාවලී බාලිකා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 96
(අමන්දි ගුණරත්න 25, කවීෂා දිල්හාරී 11/3, සුලේෂා සත්සරණී 14/2)
දේවපතිරාජ විද්‍යාලය - ඕවර 17.3 කදී කිසිවකු නොදැවී ලකුණු 97
(නිලක්ෂණා සඳමිණි නොදැවී 53, නුවන්තා රණහංසී නොදැවී 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.