Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලියේ “බී” කාණ්ඩයේ ශූරතාවය පීපල්ස් ලීසිං සමාගම විසින් දිනාගන්නා ලදි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති 63වැනි වෙළෙඳ සේවා අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ මේසපන්දු තරගාවලිය පැවැත්විණ. එහිදී පැවැති අවසන් තරගයේදී පීපල්ස් ලීසිං කණ්ඩායම විසින් එම්.ජේ. ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම (බී කණ්ඩායම) පරාජය කරන ලදි.
‘බී‘ කාණ්ඩයේ ශූරතාව දිනාගත් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කණ්ඩායම ඕෂාද් සේතුංග විසින් මෙහෙයවන ලදි. තරිඳු සෙනෙවිරත්න, අවිශ්ක ඩිල්ශාන් සිල්වා සහ සඳුන් පෙරේරා කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වූහ.
වෙළෙඳ සේවා මේසපන්දු සංගමය විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලද අතර එහි කුසලාන සහ සහතිකපත් පිරිනැමීම මධුශංක ගම්මන්පිල (උප සභාපති-තරගාවලි සහ ඉසව්) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
පීපල්ස් ලීසිං සමාගම ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මූල්‍ය ආයතනයකි.
ඕෂාද් සේතුංග (නායක), තරිඳු සෙනෙවිරත්න, ලක්ෂිත චතුරංග (පුහුණුකරු), සදුන් පෙරේරා සහ අවිශ්ක ඩිල්ශාන් සිල්වා ඡායාරූපයේ සිටිති.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.