Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මගේ අතින් වැරැද්දක් වුණා

මගේ අතින් වැරැද්දක් වුණා

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)

අසුන් මෙහෙයවීමේ තරගයේ මූලික වටයේදීම තරගයෙන් ඉවත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැටිල්ඩා කාල්සන් පවසා සිටියේ, තමා අතින් වරදක් වූ බවයි. ඒ පිළිබඳ කණගාටු වන නමුත්, ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමම ජයග්‍රහණයක් ලෙස සලකන බවත් ඇය පැවසුවාය.

“පරාජය ගැන කණගාටු වෙනවා. මෙය මගේ අතින් සිදු වූ වැරැද්දක්. බොහෝ දේ බලාපොරොත්තු වුණත්, තරග බිමෙන් ඉවත්වෙන්න මට සිදුවුණා...“

“මට හොඳම අශ්වයෙකු සිටින්නේ. නමුත් මෙවැනි දැවැන්ත තරග බිමක කිසිදු වැරැද්දක් සිදුනොවීමට වග බලාගත යුතුයි“

“පියවරෙන් පියවර කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට තියෙන්නේ තත්පර කිහිපයක්. මගේ අශ්වයා (චොපින්) පනින ආකාරය ගැන මට සතුටුයි. ඔහු ලෝකයටම පෙන්වූවා ඔහුගේ විශ්මය ජනක බව. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මෙතැනට පැමිණීමම අපි ලැබූ ජයග්‍රාහකයක්“ යැයි පැවසුවාය.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අවසන් තරගකාරිය වන මැටිල්ඩා කාල්සන්ට අසුන් මෙහෙයවීමේ ඉසව්වෙන් ඉවත් වීමට සිදුවිය. ඇය තරග කළ ‘චොපින්‘ නම්වූ අශ්වයා බාධක තරණ අවස්ථා දෙකක් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට ඇයට සිදු විය.

මැටිල්ඩා සිය අශ්වයා සමගින් 13 වැනි තරගකරු ලෙස මෙම තරගය ආරම්භ කළ අතර, එහිදී ඇගේ අශ්වයාට බාධක පැනීම් 14ක් අතරින් ගමන්කළ හැකිවූයේ 07 වැනි බාධකය දක්වා පමණි. මෙහි පළමු බාධක පහම සාර්ථක ලෙස චොපින් අශ්වයා තරණය කළත්, 06 වැනි බාධකය තරණය කළේ දෙවැනි උත්සාහයේදීය.

කෙසේ වෙතත් චොපින් අශ්වයා සමගින් 07 වැනි බාධකය තරණය කිරීමට මැටිල්ඩාට හැකි වුවත්, 08 වැනි බාධකයේදී  ඇගේ අශ්වයා නැවත වරක් බාධකය හරහා යාම ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ ඇයට තරගයෙන් ඉවත්වීමට සිදුවිය.

මෙම ක්‍රීඩාවේදී බාධක තරණය දෙවරක් ප්‍රතික්‍ෂේප කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවක් ලෙස සැලකේ.

කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 73 දෙනෙකු තරගකළ අතර, ඉන් 30 දෙනෙකුට පමණක් දෙවැනි වටයට පිවිසීමට අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා-ස්වීඩන ද්විත්ව පුරවැසිභාවය හිමි මැටිල්ඩා, ඔලිම්පික් ඉතිහාසයේ අසුන් මෙහෙයවීමේ ඉසව්වකට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැළකෙයි.


අදහස් (1)

මගේ අතින් වැරැද්දක් වුණා
  • Sumedha Tuesday, 03 August 2021 09:12 PM

    මට නම් ඒක වැ‍රැද්දක් විදියට පෙණුනේ නෑ. අපිට ඔයා ගැන හරි ආඩම්බරයි. ඔබ අපේ ලංකාව වෙනුවෙන් තරඟ බිමට ආපු එකම අපිට ලොකු ගෞරවයක්...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.