Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මයිලෝ පිහිනුම් තරගාවලියට සිසු සිසුවියෝ 5000 ක්

මයිලෝ පිහිනුම් තරගාවලියට සිසු සිසුවියෝ 5000 ක්

editorial - 2023 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශූරතා  27ක් සඳහා පැවැත්වෙන 48 වැනි ශ්‍රී ලංකා පාසල් ‘මයිලෝ’ කුසලාන ජල ක්‍රීඩා තරගාවලිය  බදාදා (23 වැනිදා) කොළඹ සුගතදාස පිහිනුම් ක්‍රීඩා සංකීර්ණයේදී ඇරඹේ. දින පහක් පුරා ලබන ඉරිදා (27) දක්වා පැවැත්වෙන මෙම තරග මාලාව පිහිනුම් හා දිය පිණුම් වශයෙන් අංශ දෙකකි. මෙම තරගාවලියට බාලක සහ බාලිකා ඉසව් 164 ක් සමගින් සහය පිහිනුම් ඉසව් 24 ක් ඇතුළත් වේ.

වයස 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ හා 20 න් පහළ බාලක – බාලිකා ඉසව් කාණ්ඩ පහකින් තරගාවලිය සමන්විතය.

පසුගිය වසරේදී (2022) පළමු වතාවට බාලිකා සමස්ත ශූරතාව දිනාගත් කොළඹ විශාඛා විදුහල එමෙන්ම වසර 18 ක් පුරා අඛණ්ඩව මෙහි බාලක සමස්ත ශූරතාව දිනා සිටින කොළඹ ශාන්ත ජෝශප් විදුහල එහිදී මිශ්‍ර පාසල් කාණ්ඩය සමස්ත ශූරතාව දිනාගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ඇතුළුව දිවයිනපුරා පාසල් 252 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5088ක් මෙවර තරගාවලියට එක්ව සිටිති.

වැඩිම පාසල් සංඛ්‍යාවක්  (පාසල් 92ක්) නියෝජනය වන්නේ  බස්නාහිර පළාතෙනි.  සහය පිහිනුම් කාන්තා ඉසව් සඳහා බාලක – බාලිකා කණ්ඩායම් 470 ක් සහභාගී වෙති.

බාලක – බාලිකා - මිශ්‍ර යන කාණ්ඩ තුනෙන් දිය පිමි ඉසව්ව සඳහා පාසල් 36 කින් ක්‍රීඩක – ක්‍රීඩිකාවෝ 405 දෙනකු මෙම දින පහේදී තරග වදිති.

 

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා තරගාවලියට 28 වැනි වසරටත් මයිලෝ සන්නාමය යටතේ අනුග්‍රහය දක්වන නෙස්ලේ ලංකා සමාගම වෙනුවෙන් එහි උපසභාපති බන්දුල එගොඩගේ මහතා ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමයේ සභාපතිනි චාන්දනී උඩුකුඹුර මහත්මියට අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු. නෙස්ලේ ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ප්‍රවර්ධන), සජීව වික්‍රමසිංහ, එහි අධ්‍යක්‍ෂ රුවන් වැලිකල, පාසල් ජල ක්‍රීඩා සංගමයේ අධීක්‍ෂණ නිලධාරි හා අධ්‍යක්‍ෂ (ක්‍රීඩා), ආර්.එම්. ක්‍රිෂාන්ත දුමින්ද, එහි ලේකම් කේ. ජනකලාල් යන මහත්වරුද ඡායාරූපයේ වෙති.


අදහස් (0)

මයිලෝ පිහිනුම් තරගාවලියට සිසු සිසුවියෝ 5000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.