Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය හොඳම දක්‍ෂතාව අවසන් මොහොත දක්වා රඳවාගත් ජර්මනියේ මලයිකා මිහාම්බෝ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත්තාය. සිය අවසන් පිම්මේදී එක්සත් ජනපදයේ ප්‍රවීන ක්‍රීඩිකා බ්‍රිට්නි රීස් පරාජය කරමින් මීටර 7.00 ක දුරක් පැන, මලයිකා රන් පදක්කම හිමිකර ගත්තාය.
මෙම ඉසව්වේ ලෝක ශූරිය ද වන මලයිකා, සිය අවසන් පිම්ම වන තුරුත් රැඳී සිටියේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමේ ඉසව්වේය. ඒ වන විටත් මීටර 6.97 ක දුරක් පැන සිටි, 2012 ඔලිම්පික් ශූරිය වූ බ්‍රිට්නි රීස් රන් පදක්කමට අත පොවන මානයේ සිටියාය. එහෙත් සිය අවසන් පිම්මේදී බි්‍රට්නි පරාජය කළ මලයිකා රන් පදක්කම උදුරා ගත්තාය.
මීටර 6.97 ක් පැන්න නමුත් ඒ වෙනුවෙන් වැඩි උත්සායක් ගත් නයිජීරියාව් ඒස් බෲමේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය.
හතර වතාවක්ම දුර පැනීම ඉසව්වේ ලෝක ශූරිය වූ බ්‍රිට්නි රීස් කීවේ අද දිනයේ තමාගේ පරාජය මීට පෙර ලබාගත් ජයග්‍රහණයන්හි පාරා වළල්ලක් වූ බවයි.
“මම හැමදාම වගේ අනෙක් අයව පරාජය කළේ මගේ හයවැනි (අවසන්) උත්සාහයේදී. ඒත් අද මම පරාජය වුණෙත් හයවැනි උත්සාහයේදී”
“මා හිතන්නේ දැන් මම ක්‍රීඩා කළා ඇති. දැන් ක්‍රීඩාව පටන්ගන්න යන මගේ පුතාත් එක්ක මා වැඩි කාලයක් ගතකළ යුතුයි” යයි මලල ක්‍රීඩා පිටියෙන් සමුගැනිමට සූදානම් වන බ්‍රිට්නි පැවසුවාය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.