Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මල්ලවපොර සම්මේලනය සහන කාලයක් ඉල්ලයි

මල්ලවපොර සම්මේලනය සහන කාලයක් ඉල්ලයි

නාමල් පතිරගේ - 2020 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණය පැවැත්වීමේ දුෂ්කරතා පැනනැගී තිබෙන බැවින් තමන්ට ඒ සඳහා  මාසයක සහන කාලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

මල්ලවපොර සම්මේලනයේ ලේකම් සරත් හේවාවිතාරණ  මහතාගෙන් කළ විමසුකමදී පැවසුවේ කොවිඩ් වසංගත තත්ත්වය තුළ නිලවරණය  සඳහා සිය සාමාජිකයන් කොළඹට රැස් කිරීමේ බාධාවක් පැනනැගී තිබෙන බැවින් මෙම ඉල්ලීම කළ බවයි.

මෙම වසරේ අගෝස්තු 31 වැනිදාට පෙර නිලවරණය කැඳවිය යුතු ජාතික ක්‍රීඩා සංගම් ගණන 24කි.

ශ්‍රී ලංකා ලංකා මල්ලවපොර සම්මේලනයේ විශේෂ මහ සභාවක් පෙරේදා :20* ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ පැරණි ශ්‍රවණාගාරයේදී පැවැත්වුණිග එහිදී නිලවරණයට දින යොදා ගැනීමක් සිදු නොවූ අතර   ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් නිර්දේශ කර ගනු ලැබීය.

විශ්‍රාමික රේගු පරීක්ෂක සෙනරත් මැණික්දිවෙල :සභාපති*ල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ විශ්‍රාමික අතිරේක  ලේකම්වරියක් වන ඕගඑම්ගසීගඑම්ග ජයවර්ධන මැණිකේ හා ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වයිගග කේග කුලරත්න මෙම කමිටුවට ඇතුළත්ව සිටිති.

මල්ලවපොර සම්මේලනයේ අවසන් නිලවරණය වසර  2017 දී  පැවැත්වූයේ එයින් පත්වන නිලධාරි මණ්ඩලයේ නිල කාලසීමාව සිව් වසරක් ලෙස සලකමිනිග කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශය නියම කර ඇත්තේ සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව එය වසර දෙකින් දෙකට නිල වශයෙන් පැවැත්විය යුතු බවයි.

ක්‍රීඩා පනතේ ජාතික ක්‍රීඩා සංගම් තම විධි විධානයන්ට අනුව ජාතික ක්‍රීඩා සංගමයක නිලවරණයෙන් පත්වන විධායක සභාව උපරිම වසර හතරක් දක්වා පවත්වාගෙන යා හැකියගග එසේ වුවත් ක්‍රීඩා පනතේ දැක්වෙන පරිදි ඒ සඳහා සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කර එය අර්ථ ගැන්විය යුතුයග  එසේ නොවන්නේ නම් ජාතික ක්‍රීඩා සංගමයක නිල ව්‍යවස්ථාවේ  අර්ථ ගන්වා තිබෙන නිල කාල සීමාවන් අවසන්වීමත් සමග යළිත් නිලවරණයක් කැඳවිය යුතුයග මල්ලවපොර සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව නිලවරණය කැඳවීම වසර දෙකකට වරක් සිදුකළ යුතු බව දැක්වේ.

පෙරේදා පැවැති විශේෂ මහ සභාව උණුසුම් මුහුණුවරක් ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමය ගොනුකර තිබෙන විරෝධතාවයක් එහිදී සාකච්ඡාවට ගැනීම නිසායගග එහි ලේකම් එච්ගඑම්ග ලක්ෂ්මන් මහතා එහිදී ප්‍රකාශ කර ඇත්තේ මල්ලවපොර සම්මේලනයේ සිදුවී ඇතැයි කියන මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් තමන් ගොනුකර තිබෙන විරෝධතාවය සම්බන්ධයෙන් දැන් කෙරෙන විමර්ශනය අවසන් වනතුරු නිලවරණය පමා කළ යුතු බවයි.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම්වරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ නියමිත වාර්තාව තවත් මසක් වැනි කෙටි කාලයකින් දැකගත හැකි බවයිග මල්ලවපොර සම්මේලනය විසින් පත් කළ කමිටුවක් මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

වත්මන් ලේකම් සරත් හේවාවිතාරණ මහතා මීළඟ නිලවරණයේදී සභාපති ධුරයට තරගවදින බව  පවසයිග ඔහු මේ වනවිට මහනුවර දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ සභාපති ධුරය ද හොබවයිගග කෙසේ වුවත් සම්මේලනයේ වත්මන් සභාපති එම්ගඒගසීගකේග මල්ලවආරච්චි මහතා මීළඟ නිලවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ වී තිබේ.

මල්ලවපොර සම්මේලනයේ සාමාජික අනු :දිස්ත්‍රික්* සංගම් ගණන 13කි.


අදහස් (0)

මල්ලවපොර සම්මේලනය සහන කාලයක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.