Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මලින්ද අරුමාදුර කුසලාන ගුවන් හමුදාවට

මලින්ද අරුමාදුර කුසලාන ගුවන් හමුදාවට

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලින්ද අරුමාදුර අනුස්මරණ කුසලාන බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා බේස්බෝල් සමාජය සමත් විය. ඒ තියුණු සටනකින් අනතුරුව අවසන් මහ තරගයේදී ලකුණු 12-11 ක් ලෙස රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජය පරාජය කරමිනි.

තරගාවලිය පුරා සිය අපරාජිකත්වය රැකගනිමින් ගුවන් හමුදා බේස්බෝල් සමාජය අවසන් මහ තරගයට පිවිසි අතර රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජය අවසන් මහ තරගයට පිවිසියේ මූලික වටයේදී ඩී.එස්. නයිට්ස් බේස්බෝල් සමාජය හමුවේ පරාජයට පත්වීමෙන් අනතුරුවය.

ඉනිම් 8 කින් සමන්විත වූ අවසන් මහ තරගයේ සිවුවැනි ඉනිම නිමාවන විට ලකුණු 10-5 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා බේස්බෝල් සමාජය සමත් විය. තරගයේ අවසන් ඉනිම් 4 තුළ ලකුණු 6 ක් රැස්කිරීමට රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජය සමත් වෙද්දී ගුවන් හමුදා බේස්බෝල් සමාජයට එහිදී රැස්කරගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි.

කෙසේ වුවත් මුල් ඉනිම් 4 තුළදී තබාගත් ලකුණු පරතරයේ වාසිය සමගින් ඉනිම් 8 නිමාවට පත්වන විට ලකුණු 12-11 ක් ලෙස තරගය ජය තමන් සතුකරගත් ගුවන් හමුදා බේස්බෝල් සමාජය, මලින්ද අරුමාදුර අනුස්මරණ කුසලානට හිමිකම් කිවේය.

අවසන් මහ තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා බේස්බෝල් සමාජයේ කසුන් කුමාර සම්මාන දිනාගත් අතර එම සමාජයේම දිනේෂ් වීරසිංහ තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙසත්, සමීර සඳරුවන් දක්ෂතම පන්දු යොමුකරන්නා ලෙසත් සම්මාන දිනාගත්හ. තරගාවලියේ දක්ෂතම පිතිකරුවා සහ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගනු ලැබුවේ රෝයල් බ්ලූස් බේස්බෝල් සමාජයේ වත්සල්‍ය ගමගේ විසිනි.

-036


අදහස් (0)

මලින්ද අරුමාදුර කුසලාන ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.