Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මහනාම විදුහල පෙර අ.අ.පූර්ව වටයට

මහනාම විදුහල පෙර අ.අ.පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ මහනාම විදුහල අද (27 වැනිදා) සමත්විය.

දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගැනීමට කොළඹ මහනාම විද්‍යාලය සමත්විය.

කාසියේ වාසිය දිනාගත් මහනාම විද්‍යාලය පළමුව පන්දුවට පහරදීම සඳහා ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට ආරාධනා කළ අතර ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි.
ධනුක නිම්මන සහ පැතුම් බොතේජු කඩුලු 3 බැගින් දවාගනිමින් ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය මහනාම විද්‍යාලය ඕවර 32.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

විනුක රූබසිංහ නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර බිශාන් මෙන්ඩිස් ලකුණු 34 ක් සහ පවන් රත්නායක ලකුණු 23 ක් රැස්කිරීමට සමත්වූහ.


ශා.සිල්වෙස්ටර් විද්‍යාලය - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(මලීෂ සිල්වා 42, අභිෂේක් කුමාර් නොදැවී 31, නදීර බාලසූරිය 30, ධනුක නිම්මන 13/3, පැතුම් බොතේජු 32/3)

මහනාම විද්‍යාලය - ඕවර 32.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 132
(විනුක රූබසිංහ නොදැවී 50, බිශාන් මෙන්ඩිස් 34, පවන් රත්නායක 23)

 


අදහස් (0)

මහනාම විදුහල පෙර අ.අ.පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.