Last Update  :  2025-03-16 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මාතලේ ගෝල්ඩ් - කොළඹ රතු බාලක සම ශූරතාව දිනාගනිති

මාතලේ ගෝල්ඩ් - කොළඹ රතු බාලක සම ශූරතාව දිනාගනිති

editorial - 2023 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මාතලේ. ඇම්. ඩබ්ලිව්. සෝමරත්න)                                                                             
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් හොකි ශුරතාවලියේදී මාතලේ ගෝල්ඩ් සහ කොළඹ රතු දිස්ත්‍රික් කණ්ඩායම් විසින් බාලක සම ශූරතාව දිනාගන්නා ලදි. මහනුවර නිල් දිස්ත්‍රික් කණ්ඩායම විසින් බාලිකා ශූරතාව දිනාගන්නා ලදි.

මෙම තරගාවලිය පසුගිය 26, 27, 28,සහ 29, දිනවල මාතලේ එඩිවඩ් ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.   එය සංවිධානය කර තිබුණේ  56  වැනි වරටය.      
 
බාලක අවසන් මහ තරගය මාතලේ ගෝල්ඩි දිස්ත්‍රික් හොකි කණ්ඩායම සහ කොළඔ රතු දිස්ත්‍රික් හොකි කණ්ඩායම අතර පැවැත්විණ. එහෙත් එකම කණ්ඩායමකට වත් ගෝල වාර්තා කිරිමට නොහැකි විම නිසා 2023 වසරේ සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් බාලක ශුරතාව එම හොකි කංඩායම් දෙක අතර සමසේ බෙදී ගියේය. තෙවැනි ස්ථානය ගාල්ල දිස්ත්‍රික් හොකි කණ්ඩායමට හිමිවිය.
බාලිකා අවසන් මහ තරගය මහනුවර නිල් දිස්ත්‍රික් හොකි කණ්ඩායම සහ පුත්තලම දිස්ත්‍රික් හොකි කණ්ඩායම අතර පැවැත්විණ. එහිදී ගෝල 03-02 ක ජයක් වාර්තා කිරිමට මහනුවර නිල් දිස්ත්‍රික් හොකි කණ්ඩායම සමත් වූයේය.
බාලිකා අනුශුරතාවය පුත්තලම දිස්ත්‍රික් හොකි කණ්ඩායමට හිමි වු අතර තෙවන ස්එාන මාතලේ දිස්ත්‍රික් හොකි කණ්ඩායමට හිමි විය.

මහනුවර නිල් දිස්ත්‍රික් කණ්ඩායමෙි කාව්‍යා හේරත් ගෝල 02ක් ලබාගත් අතර ප්‍රබෝධා දිව්‍යාංජලී  ගෝලයක් ලබාගත්තාය. පුත්තලම දිස්ත්‍රික් පිල වෙනුවෙන් නිපුනි පුනාන්දු සහ හසරැලි නෙත්ප්‍රභා  ගෝලය බැගින් ලබාගත්හ.
              

බාලක සම ශුරයන්වූ මාතලේ ගෝල්ඩ් දිස්ත්‍රික් හොකී කණ්ඩායම

 


බාලක සම ශුරයන්වූ කොළඔ රතු දිස්ත්‍රික් හොකී කණ්ඩායම

 


බාලිකා ශූරතාව දිනාගත් මහනුවර නිල් දිස්ත්‍රික් හොකී කණ්ඩායම          

 

අනුශූරතාවය දිනාගත් පුත්තලම දිස්ත්‍රික් හොකි කණ්ඩායම 


අදහස් (0)

මාතලේ ගෝල්ඩ් - කොළඹ රතු බාලක සම ශූරතාව දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.