Last Update  :  2025-03-14 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මාතලේ - වෙන්නප්පුව හොකී ශූරතාව දිනයි

මාතලේ - වෙන්නප්පුව හොකී ශූරතාව දිනයි

editorial - 2024 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)

57 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20න් පහළ බාලක බාලිකා හොකී ශූරතා තරගාවලිය මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය.

මෙහි බාලක ශූරතාව මාතලේ දිස්ත්‍රික් රන් කණ්ඩායමට හිමි වූ අතර බාලිකා ශූරතාවලිය වෙන්නප්පුව දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය.

බාලක අවසන් තරගය මාතලේ රන් කණ්ඩායම හා කොළඹ රන් කණ්ඩායම අතර පැවැති අතර එහිදී ගෝල 4-2 ක් ලෙස වාර්තා කරමින් මාතලේ රන් කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය.

මෙහි බාලිකා ශූරතාවලිය සඳහා තරග වැදුණු වෙන්නප්පුව කණ්ඩායම හා මාතලේ  කණ්ඩායම අතර පැවති තරගයෙන් ගෝල 3-1 ක් ලෙස වාර්තා කළ වෙන්නප්පුව  කණ්ඩායමට ශූරතාව හිමිකර ගනු ලැබීය.

මෙම තරගාවලිය සඳහා බාලක කණ්ඩායම් 12 ක් හා බාලිකා කණ්ඩායම් 8 ක් සහභාගි වූහ.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මාතලේ රන් කණ්ඩායම නියෝජනය කළ හංසික රත්නායක ක්‍රීඩකයා හා නැගී එන ක්‍රීඩකයා ලෙස ද මාතලේ රන් කණ්ඩායම නියෝජනය කළ දුසේන් ගුණවර්ධන ක්‍රීඩකයා හා දක්ෂතම දැල් රකින්නා ලෙස කොළඹ රන් කණ්ඩායම නියෝජනය කළ සෙනීතු දිනාල් ක්‍රීඩකයා ද සම්මාන හිමිකර ගත්හ.

බාලිකා දක්ෂතම ක්‍රිඩිකාව ලෙස වෙන්නප්පු කණ්ඩායම නියෝජනය කළ නිපුණි ඉසාරා ක්‍රීඩිකාව හා නැගී එන ක්‍රිඩිකාව ලෙසද වෙන්නප්පු කණ්ඩායම නියෝජනය කළ තරුසිකා  සුභසිංහ ක්‍රිඩිකාව  හා දක්ෂතම දැල්  රකින්නා ලෙස මාතලේ කණ්ඩායම නියෝජනය කළ විස්මි ඝණසුන්දර ක්‍රිඩිකාව සම්මාන දිනා ගත්හ.

 

බාලක ශූරතාව දිනාගත් මාතලේ දිස්ත්‍රික් රන් කණ්ඩායම

 

බාලිකා ශූරතාව දිනාගත් වෙන්නප්පුව දිස්ත්‍රික් කණ්ඩායම 


අදහස් (0)

මාතලේ - වෙන්නප්පුව හොකී ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.