Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මැටිල්ඩා පුහුණුවීම් අරඹයි

මැටිල්ඩා පුහුණුවීම් අරඹයි

editorial - 2021 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සංජීව ධර්මසේන- ජපානයේ ටෝකියෝ නුවර සිට)

අසුන් මේහෙයවීමේ ක්‍රීඩාවෙන් ඔලිම්පික් උළෙලකට සහභාගිවන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන මැටිල්ඩා ක්ලාසන් ඊයේ (28දා) ඔලිම්පික් ගම්මානය වෙත ලඟා වූවාය. ඇය ඊයේ සිය පුහුණුවීම් කටයුතුද ආරම්භ කළාය. මැටිල්ඩා ‘අසුන් පැන්නවීමේ‘ ඉසව්ව නියෝජනය කරමින් තරග සඳහා ඉදිරිපත් වේ.

ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගි වූ අතර, ඉන් හය දෙනෙකුගේම තරග ඉසව් මේ වනවිට අවසන් වී ඇත. ඔලිම්පික් උළෙලේ හයවැනි දිනය වූ ඊයේ (28දා) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිඳු ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක තරගයකට සහභාගි නොවීය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ එකම මලල ක්‍රීඩිකාව වූ මී. 800 කාන්තා ඉසව්වට සහභාගි වන නිමාලි ලියනාරච්චි හෙට (30දා) තරග වැදීමට නියමිතව ඇත. මෙම තරගය ටෝකියෝ ප්‍රධාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ඇය තරග වදින ඉසව්ව ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව. 7.00 ආරම්භ වීමට නියමිතව ඇත.

මේ අතර ශ්‍රී ලංකා බලාපොරොත්තුවක් වන මීටර 100 පිරිමි ඉසව්වට සහභාගිවන යුපුන් අබේකෝන් අනිද්දා (31දා) සිය ඉසව්වට සහභාගිවන අතර, එම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 4.15 ආරම්භ කිරීමට නියමිතව ඇත.‍

 


අදහස් (0)

මැටිල්ඩා පුහුණුවීම් අරඹයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.