Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේස පන්දු ජාතික තරගාවලි කල්යයි

මේස පන්දු ජාතික තරගාවලි කල්යයි

editorial - 2021 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන 74 වැනි ජාතික මේසපන්දු තරගාවලිය සහ කනිෂ්ඨ ජාතික මේසපන්දු තරගාවලිය කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව ඇතැයි එම සංගමයේ ප්‍රධාන නිලධාරියෙක් ලංකාදීප’යට පැවසීය.

2020 වස‍රට අදාල කනිෂ්ඨ ජාතික මේසපන්දු තරගාවලිය මේ වසරේ (2021) ජූනි මස 5 සහ 6 යන දිනවලදීද, ජාතික මේසපන්දු තරගාවලිය ජූනි මස 12 සහ 13 යන දිනවලදීද බණ්ඩාරගමදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. තරගාවලියට අදාල අයැදුම්පත් භාරගැනීමට මේ මස 22 වැනිදා අවසන් වීමට නියමිතව තිබූ අතර එදිනම කනිෂ්ඨ ජාතික මේසපන්දු තරගාවලියේ තරග අනුපිළිවෙල සකස් කිරීමටද නියමිතව තිබිණ.

කෙසේ වුවත් ‍මේ දින වල කොරෝනා වංසගතය පැතිර යෑම ඉහළ යෑම නිසා අයැදුම්පත් භාරගැනීම මෙන්ම තරග අනුපිළිවෙල සකස් කිරීමද කල් දැමීමට සිදුවූ බව මේස පන්දු සංගමය කියයි.  එසේම පෙර යොදාගත් දිනවලදී තරගාවලින් දෙක නොපැවැත්වෙන බවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔවුන්ගේ දෙමාපියන් සහ පුහුණුකරුවන් දැනුවත් කිරීමට මේසපන්දු සංගමය පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.  

2021 වසරේ මේසපන්දු කාලසටහනට ඇතුළත්ව තිබූ තරගාවලි කිහිපයක්ම කොරෝනා වසංගතය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුවූ බව පැවසූ ඒ මහතා, මේ මස 1 සහ 2 යන දිනවල නුවරඑළියේදී පැවැත්වීමට නියමිතව තිබූ වයස 15 න් පහළ සහ 18 න් පහළ කනිෂ්ඨ මේසපන්දු තරගාවලිය ඉන් ප්‍රධාන තැනක් ගන්නා බවද කියා සිටියේය.

 


අදහස් (0)

මේස පන්දු ජාතික තරගාවලි කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.