Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ (සාග්) මේසපන්දු තරග සඳහා ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය.
ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ රොහාන් සිරිසේන පිරිමි කණ්ඩායමේ නායකත්වය දරන අතර උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ විදුහල), නිර්මල ජයසිංහ (මාස් කී‍්‍රඩා සමාජය), චමීර ගිණිගේ (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය) සහ ප‍්‍රසාද් ලියනගේ (මහනුවර විද්‍යාර්ථ විදුහල) කණ්ඩායමට එක්ව සිටින සෙසු කී‍්‍රඩකයෝ වෙති.
එරන්දි වරුසවිතාන (ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), රුවිනි කන්නන්ගර (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය), චමත්සරා ප‍්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල) සහ හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) යන කී‍්‍රඩිකාවන් කාන්තා කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර ස්ටැග් මේසපන්දු විද්‍යායතනයේ ඉෂාරා මධුරංගි ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නීය.
කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජෝතිපාල සමරවීර මහතාද, කණ්ඩායම් කළමනාකරු ලෙස නාවික හමුදාවේ කමාන්ඩර් අනිල් බෝගහවත්ත මහතාද තරගාවලියට සහභාගි වෙති.
මෙම තරගාවලියට අදාල තේරීම් තරග මේ මස 2, 3, 5 සහ 6 යන දින වලදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අතර නිමල් ලූකස්, සුනිමල් ප‍්‍රනාන්දු සහ ඒ. පි‍්‍රයංගනී යන මහත්ම මහත්මීහු එම තේරීම් කටයුතු මෙහෙයවූහ.
තරගාවලිය සඳහා තෝරාගන්නා ලද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මේ දින වල ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් වල නිරත වන බවත්, තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුන් පෙබරවාරි මස 5 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බවත් ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ ලේකම් කසුන් උදාර මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.