Last Update  :  2025-03-17 11:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යොවුන් වූෂූ පළාත් තරග අද සිට

යොවුන් වූෂූ පළාත් තරග අද සිට

editorial - 2023 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වූෂූ සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු වැනි යොවුන් වූෂූ ශූරතා තරගාවලියේ වයඹ, උතුර, උතුරු මැද සහ නැගෙණහිර පළාත් තරග අද (07 වැනිදා) සිට ආරම්භ වෙයි. මෙම තරග පොළොන්නරුව ගල්ලෑල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද හෙට සහ අනිද්දා (07, 08 සහ 09) දිනවල උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා තරග පැවැත්වෙයි.

මධ්‍යම, ඌව, දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත් යොවුන් තරගාවලිය මීට පෙර පැවැති අතර ඒ සඳහා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1000 කට අධික පිරිසක් සහභාගි වූහ.
 
වසර 12 ක පමණ කාලයක් පාසල් මට්ටමින් තහනම්ව පැවැති සන්දා (ද්වන්ධ සටන්) ඉසව්වේ වයස 14 න් පහළ සහ 16 න් පහළ තරගත් මෙම යොවුන් තරගාවලියේදී පැවැත්වෙයි. වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 20 න් පහළ තාඕලු තරගද පැවැත්වේ.

මෙම තරග සියල්ලෙන්ම තෝරා ගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර අවසන් මහ තරග මේ මස අගදී හෝ මැයි මස මුලදී, කොළඹදී පැවැත්වීමට නියමිතය.  අවසන් මහ තරගාවලියේදී ජයග්‍රහණය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ජාතික යොවුන් පුහුණු සංචිතය ආරම්භ කෙරේ.

ලබන අගෝස්තු මාසයේදී චීනයේ මැකාවෝහිදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ වූෂූ තරගාවලිය සඳහාත් වසර 2026 දී සෙනගාලයේ ඩකාර් නුවරදී පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙළ සඳහාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගනු ලබන්නේ මෙම යොවුන් පුහුණු සංචිතයෙනි.

වැඩිදුර විස්තර දුරකතන අංක 0707-500035 ඔස්සේ වූෂූ සම්මේලනයේ ලේකම් විජිත් එදිරිසිංහ මහතා ඇමතීමෙන් ලබාගත හැකිය.

 


අදහස් (0)

යොවුන් වූෂූ පළාත් තරග අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.