Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යොවුන් වෙරළ වොලිබෝල් තේරීම් පරීක්ෂණ අද මීගමුවේදී

යොවුන් වෙරළ වොලිබෝල් තේරීම් පරීක්ෂණ අද මීගමුවේදී

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මේ වසරේ අගෝස්තු මස 17 සිට 28 දක්වා චීනයේ පැවැත්වෙන 2 වැනි යොවුන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී වෙරළ වොලිබෝල් කී‍්‍රඩාව සඳහා ආසියානු කලාපයෙන් සුදුස්සන් තේරීමේ තරග මාලාව ලබන මස (අපේ‍්‍රල්) 04 සහ 06 දිනවලදී තායිලන්තයේදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගී විමට නියමිත ශ්‍රී ලංකා යොවුන් වෙරළ වොලිබෝල් කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරාගැනීමේ පරීක්ෂණය හෙට (8 වැනිදා) පෙ.ව. 8.30 සිට මීගමුව කුඩාපාඩුව වෙරළ තීරයේදී පැවැත්වේ.

වර්ෂ 1996 ජනවාරි 01 දින සිට 1999 දෙසැම්බර් 31 දක්වා කාලය ඇතුළත උපන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙම තේරීම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් විය හැකිය. ඔවුන් හෙට පෙ.ව. 8.30ට මීගමුව කුඩාපාඩුව වෙරළ තීරයේදී තේරීම් කමිටුව වෙත වාර්තා කළ යුතුය.


අදහස් (1)

යොවුන් වෙරළ වොලිබෝල් තේරීම් පරීක්ෂණ අද මීගමුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.