Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රවිඳු ද සිල්වාගේ ද්විත්ව ශතකයත් (213) උමයංග සුවාරිස්ගේ ශතකයත් (155) හමුවේ අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු මත අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
![]() |
රවිඳු ද සිල්වා සහ උමයංග සුවාරිස් |
ද්විත්ව ශතකයක් ලබාගනිමින් විශිෂ්ට පිතිහරඹයක නිරතවූ රවිඳු ද සිල්වා පන්දු 387 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර 22 ක් සමගින් ලකුණු 213 ක් රැස්කිරීමට සමත්විය. රවිඳු ද සිල්වාට අනගි සහයක් ලබාදුන් උමයංග සුවාරිස් පන්දු 308 කදී හයේ පහරක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 155 ක් රැස්කිරිමට සමත්විය.
රවිඳු ද සිල්වා සහ උමයංග සුවාරිස් එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 624 කදී ලකුණු 338 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සාන්ත තෝමස් විද්‍යාලීය ඉනිම ලකුණු 500 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
පළමු දිනය නිමාවන විට කඩුලු 4 කට ලකුණු 311 ක් රැස්කර සිටි සාන්ත තෝමස් විද්‍යාලය දෙවැනි දින පස්වරුවේ කඩුලු 9 කට ලකුණු 551 ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීම සඳහා නාලන්දා විද්‍යාලයට ආරාධනා කළේය.
දිනය නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 61 ක් රැස්කිරීමට නාලන්දා විද්‍යාලය සමත්විය.
අවසන් තරගය මේ මස 11 සහ 12 දෙදින කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 165.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 551
(රවිඳු ද සිල්වා 213, උමයංග සුවාරිස් 155, ශලින් ද මෙල් 68, යොහාන් පෙරේරා 42, දිනෙත් සමරවීර 57/4, ජිතේෂ් වාසල 75/3)
නාලන්දා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 61
(රනිඳු ද සිල්වා නොදැවී 26, කළණ පෙරේරා 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.