Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීය විදුහල තෙවැනි ජය ලබයි

රාජකීය විදුහල තෙවැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (17) පස්වරුවේ පැවැති තරගයේදී රාජකීය විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 24-19 කින් බොරැල්ල වෙස්ලි විදුහල පරාජය කිරීමට සමත් වූහ.

රාජකීය විදුහල මෙවර තරගාවලියේ පිට පිටම ලැබූ තෙවැනි ජය මෙය වේ.

අපරාජිත රාජකීය විදුහල් පිල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුම් දෙකකින් ලකුණු ලැබීම නිසා අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිවිය. වෙස්ලි විදුහල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කළේය.

රාජකීය විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-5 ක් ලෙස පෙරමුණේ පසුවිය.

- 048


අදහස් (0)

රාජකීය විදුහල තෙවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.