Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීය විද්‍යාලය අවසන් තරගයට

රාජකීය විද්‍යාලය අවසන් තරගයට

Nisanka Sandeepani - 2019 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (28 වැනිදා) සමත්විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව ලකුණු 36 ක ජයක් ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය. 

එක් අවස්ථාවකදී කඩුලු 2 කට ලකුණු 75 ක් රැස්කරමින් ශාන්ත ජෝන් විද්‍යාලය ඉහළ ස්ථානයක පසුවුවද අවසන් කඩුලු 7 ලකුණු 22 ක් තුළ දවාගැනීමට රාජකීය විද්‍යාලීය පන්දු යවන්නෝ සමත්වූහ.

රාජකීය විද්‍යාලය - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(ශවින්ද දිසානායක 28, කෞෂාන් කුලසූරිය 22, සධීෂ රාජපක්ෂ 24, තමිඳු නිවර්ථන 26/4, සුමුදු උදාර 23/2, අශාන් දිල්හාර 37/2)

ශා.ජෝන් විද්‍යාලය - ඕවර 39.1 කදී සියලුදෙනා දැවී ලකුණු 112
(යසිරු සංදීප 21, ධනංජය කුමාර 23, මලිත් ප්‍රනාන්දු 27, රුක්ෂාන් රවින්ද්‍ර 28/4)


අදහස් (0)

රාජකීය විද්‍යාලය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.