Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති ‘රන් සටන’ වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට රාහුල විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 87 ක පහසු ඉලක්කයක් හඹාගිය රාහුල විදුහල් ක්‍රීඩකයෝ ඕවර 33.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. නොදැවී ලකුණු 30 ක් රැස්කළ මදුෂාන් පරණවිතාන සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සුමංගල විදුහලට රාහුල විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 34.3 ක් අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 86 ක් පමණි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිල්ෂාන් අරබේගෙර ලකුණු 7 කට කඩුලු 5 ක් දවාගත් අතර සුමංගල විදුහල් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දිල්ෂාන්ට අනගි සහායක් දුන් ආකාෂ් කාරියවසම් ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
සුමංගල විදුහල - ඕවර 34.3 කදී සියලු දෙනා දැවී 86
(දිල්ෂාන් අරබේගෙර 07/5, ආකාෂ් කාරියවසම් 25/3)
රාහුල විදුහල - ඕවර 33.2 කදී කඩුලු 3 ක් දැවී 87
(මධුෂාන් පරණවිතාන නොදැවී 30, කුෂාන් සෙනරත් 26, ළහිරු බණ්ඩාර 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.