Last Update  :  2025-03-14 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රැපීඩ් - බ්ලිට්ස් චෙස් තරගාවලි 23 - 24 දෙදින

රැපීඩ් - බ්ලිට්ස් චෙස් තරගාවලි 23 - 24 දෙදින

editorial - 2024 අගෝ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ජාතික යොවුන් වේගී (රැපීඩ්) හා අධි වේගී (බ්ලිට්ස් ) චෙස් තරගාවලි දෙක අගෝස්තු මස 23 සහ 24 දෙදින පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී පැවැත්වේ.

තරගාවලිය වයස 8 න් පහල, 10න් පහළ, 12න් පහළ, 14න් පහළ, 16න් පහළ සහ 18න් පහළ යන වයස් කාණ්ඩ වලින් බාලක හා බාලිකා අංශ දෙකින්ම පැවැත්වේ. මේ තරගාවලි දෙකම තරග වට නවයකින් සමන්විතය.

වේගී (රැපීඩ්) චෙස් තරගාවලිය අගෝස්තු මස 23 වැනිදා පෙරවරුවේද අධි වේගී (බ්ලිට්ස්) තරගාවලිය අගෝස්තු මස 24 වැනිදා පෙරවරුවේද ආරම්භ කෙරේ.

මේ තරගාවලි දෙකේම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රන් රිදී සහ ලෝකඩ පදක්කම් පිරිනමනු ලබන බව තරග සංවිධායකයෝ කියති


අදහස් (0)

රැපීඩ් - බ්ලිට්ස් චෙස් තරගාවලි 23 - 24 දෙදින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.