Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රිටි පැනීමේ රන් පදක්කම ඩුප්ලන්ටිස්ට

රිටි පැනීමේ රන් පදක්කම ඩුප්ලන්ටිස්ට

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ රිටි පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ස්වීඩනයේ ආමන්ඩ් ඩුප්ලන්ටිස් අද (3 වැනිදා) සමත් විය. මීටර් 6.02 ක උසක් පනිමින් ඔහු එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීවේය.

තවමත් 21 වැනි වියේ පසුවන ඩුප්ලන්ටිස්, රන් පදක්කම දිනාගැනීමෙන් අනතුරුව 2020 වසරේදී තමා විසින්ම පිහිටුවන ලද එම ඉසව්වේ ලෝක වාර්තාව අලුත් කිරීමේ උත්සාහයකද නිරත විය. කෙසේ වුවත් මීටර් 6.19 ක උසක් පැනීමට දැරූ උත්සාහයන් තුනම අසාර්ථක වීම හේතුවෙන් ඔහුට එම වාර්තාව අලුත් කිරීමට නොහැකි විය. මින් පෙර බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝව්හිදී මීටර් 6.18 ක උසන් පනිමින් ඔහු එම ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවා තිබිණ.

 මීටර් 5.97 ක උසක දක්ෂතාවක් දැක්වූ ඇමරිකාවේ ක්‍රිස්ටෝපර් නිල්සන් එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර බ්‍රසීලයේ තියාගෝ බ්‍රාස් එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ මීටර් 5.87 ක උසක දක්ෂතාවක් දක්වමිනි.


-036


අදහස් (0)

රිටි පැනීමේ රන් පදක්කම ඩුප්ලන්ටිස්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.