Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රුමේෂ් - සුමේධ ඉන්දියාවට යති

රුමේෂ් - සුමේධ ඉන්දියාවට යති

editorial - 2024 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී  ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන්  වන රුමේෂ්  තරංග පතිරගේ  හා සුමේධ  රණසිංහ සමස්ත  ඉන්දීය ජාතික  මලල ක්‍රීඩා  තරගාවලියට සහභාගි වීම සදහා ජූනි 27  වැනිදා  දිවයිනෙන්  පිටත්ව යාමට නියමිතය.

උතුරු  ඉන්දියාවේ  හර්යානා ප්‍රාන්තයේ පන්චකුලා නුවරදී  ඔවුන්  තරග වැදීමට සූදානම්ව සිටින්නේ ජූනි 30 වැනිදාය. මෙම  තරග  සංචාරයේ ඔවුන්ගේ  අරමුණ  වන්නේ 2024 පැරිස්  ඔලිම්පික්  උළෙලට හෙල්ල  විසි කිරීමේ පිරිමි  ඉසව්වෙන් සුදුසුකම් ලබා ගැනීමය.

දකුණු  කොරියාවේදී නොබෝදා  පැවැති ආසියානු  විසි කිරීමේ තරගාවලියේදී  ශ්‍රී  ලංකා ක්‍රීඩක  රුමේෂ් තරංග මීටර්  85.45 ක  දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනා ගත්තේ ඉසව්වේ නව වාර්තාවක් මෙන්ම එහි නව ශ්‍රී  ලංකා වාර්තාවක්ද පිහිටුවමිණි.
එහෙත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගැනීමට නම් ඔහු මීටර 85.50 ඉක්මවූ දක්ෂතාවක් දැක්විය යුතුව තිබේ. 

 රුමේෂ්  තරංග කොරියාවේදී  හෙල්ල විසි කිරීමේ පිරිමි  ඉසව්වේ  නව ශ්‍රී  ල‍‍ංකා  වාර්තාව පිහිටුවන විට එතෙක් එහි හිමිකරුවාවී සිටියේද සුමේධය. ඒ මීටර් 83.04 කට 2015 සිටය. 
මෙම  ක්‍රීඩකයා වසර  2016 පැවැති  රියෝ  ගිම්හාන  ඔලිම්පික්  උළෙලට නිර්දේශ  ලබා ගනිමින්  එහිදී  මීටර්  71.93  ක අවම දක්ෂතාවයක්  පළ කිරීමෙන්  36 වැනි ස්ථානයට පත් විය.

මෙම  තත්වය  සැළකිල්ලට ගනිමින් විෂේශයෙන්ම  ඔහුට තවත්  ඒ සදහා  අවස්ථාවක් සළසාදීම සඳහා ඉන්දීය තරග සංචාරය  සූදානම්  කළ බව ශ්‍රී  ලංකා  මලල ක්‍රීඩා  ආයතනයේ ප්‍රධාන  ලේකම් සමන් කුමාර ගුණවර්ධන  මහතා පවසයි.

කොරියානු  තරග  සංචාරයට සහභාගි වෙමින් එහිදී ඉසව්වේ  ලෝකඩ  පදක්කම හිමි කර ගත් ශ්‍රී  ලංකා ක්‍රීඩක සුමේධ  රණසිංහටද ඉන්දියානු විවෘත තරගාවලියට යාමේ අවස්ථාව  සළසාදී තිබේ. සුමේධ කොරියාවේදී  මීටර්  77.57 ක දක්ෂතාවයක් පළ කර සිටියේය.


අදහස් (0)

රුමේෂ් - සුමේධ ඉන්දියාවට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.