Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ ප්‍රංශයේ පැරිස් නුවර සිට..)
ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරී 21 හැවිරිදි තරුෂි දිල්සරා කරුණාරත්න ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා මීටර් 800 (කාන්තා) ඉසව්වේ මූලික වටයට හෙට (2) සභභාගිවීමට නියමිතය. ක්‍රීඩිකාවන් 50 දෙනෙකු නිර්දේශවී සිටින මෙම ඉසව්වේ මූලික වටය තරග හයකින් සමන්විතය. එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.15 ට (ප්‍රංශ වේලාවෙන් රාත්‍රී 7.45) ආරම්භ වේ.
තරුෂි එහිදී හය වැනි මූලික වටයේ තරගයට සහභාගි වේ. මෙම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාව 48 වැනි ස්ථානයේ පසු වේ. පැරිස් ඔලිම්පික් මලල ක්‍රීඩා ඉසව් අතරින් සුදුසුකම් නොළත් පංගු ක්‍රමය ඔස්සේ මීටර් 800 (කාන්තා) ඉසව්වට ක්‍රීඩිකාවන් තිදෙනකු තෝරා ගැනේ.
ඒ අනුව විනාඩ් 1 තත්පර 59.30 කට කෙළින්ම නිර්දේශ තහවුරු කර ගත් ක්‍රීඩිකාවන් 33 දෙනෙකු හැරෙන්නට තරුෂි ඇතුළු හෙට තරග වදින ඉතිරි ක්‍රීඩිකාවන් 14 දෙනෙකු ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා සිටිති.
තරුෂි තරග වදින සිව් වැනි මූලික වටයේ තරගකාරියන් දෙස බැලීමේදී බහමාස් ක්‍රීඩිකා 33 හැවිරිදි ජුලී ටොපින් නතායා ඉදිරියෙන්ම පසු වන්නේ විනාඩි 1 තත්පර 55.96 ක ඇගේ මෙතෙක් ඉසව්වේ හොදම නිමි කාලය වාර්තා කරමිණි. ඇය පැරිස් ඔලිම්පික් තරග වදින්නේ ලෝක ශ්‍රේණිගත 6 වැනි ස්ථානයේ පසු වෙමිණි.
ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි 2023 බැංකොක් ආසියානු ශූරතා තරගාවලියේදී විනාඩ් 2 තත්පර 00.66 කට නව වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමේදී පළ කළ නිමි කාලය මෙතෙක් ඉසව්වේ ඇගේ හොඳම කාලය ලෙසත් වාර්තාවී තිබේ.
පැරිස් නුවරට පැමිණීමෙන් පසුව සිය පෙර පුහුණුවීම් අවසන් කළ තරුෂි කරුණාරත්න පැවැසුවේ තමා හෙට තරග වැදීමට වඩාත් හොද සූදානමකින් පසු වන බවයි.
"පළමුව ඉසව්වේ මගේ කාලය අළුත් කර ගැනීමටත් දෙවැනුව දෙවැනි වටයට පිවිසීමටත් මම අදිටන් කර ගෙන සිටිනවා"යයිද ඇය අද පැරිස් නුවරදී පැවසුවාය.
මෙම ඉසව්වේ මූලික වට තරග හයේදී තෙවැනි ස්ථාන දක්වා පැමිණෙන ක්‍රීඩිකාවන් 18 දෙනෙකු හෙට (3) පැවැත්වෙන එහි අවසන් පූර්ව වටයට නිර්දේශ කර ගැනේ. අවසන් පූර්ව හා අවසන් තරගය අගෝස්තු 4 හා 5 යන දිනවලදී පැවැත්වේ.
පැරිස් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ ආරම්භ වීමෙන් පසුව පැවැති පළමු ඉසව්ව වන ඇවිදීම (කිලෝමීටර් 20) කාන්තා හා පිරිමි ඉසව්හි රන් පදක්කම් පිළිවෙලින් චීනයේ යාංග් ජියාග් (විනාඩ් පැය 1 විනාඩි 25 තත්පර 54) හා එක්වදෝරයේ බ්‍රියන් පින්ටාඩෝ (පැය 1 විනාඩ් 18 තත්පර 54) විසින් දිනා ගන්නා ලදී.
ඒ අනුව අද වන විට පදක්කම් සටහනේ රන් පදක්කම් 11 ක් දිනා පෙරමුණ ගෙන සිටි චීනය පැරිස් ඔලිම්පික් පළමු මලල ක්‍රීඩා රන් (කාන්තා) පදක්කමද දිනා ගැනීමට සමත් විය.
ඒ වන විට දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව් වෙතින් ලෝකඩ පදක්කම් තුනක් හිමි කර ගනිමින් පදක්කම් සටහනේ 30 වැනි ස්ථානයට පත්ව සිටියේය.
Geethani Udagama Saturday, 03 August 2024 10:43 AM
මම හිතන්නේ නැහැ ඔලිම්පික් තරුෂිට ගිලිහෙයි කියලා. එයාට තවත් අවස්ථාවක් තියෙනවා. මේක තමයි වෙලාව හොඳින් ශක්තිමත් වෙන්න. අනිවාර්යයෙන්ම ඊළඟ ඔලිම්පික් එකට ඔයා පදක්කමක් ගන්නවාමයි. දෙවිපිහිටයි... සුබපැතුම්...!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.