Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ තාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා යළිත් වරක් නිතරගයෙන් පත් විය. විජේසූරිය මහතා චෙස් සම්මේලනයේ සභාපති ධූරය සඳහා පත්වූ සිවුවැනි අවස්ථාව මෙය විය.
මෙරට චෙස් ක්‍රීඩාව දීපව්‍යාප්ත කිරීමට සහ ඉහළ නැංවීමට අනගි දායකත්වයක් දැක්වූ විජේසූරිය මහතා, මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් සම්මේලනයේ ලේකම්වරයා ලෙසත්, ආසියානු චෙස් සම්මේලනයේ උප සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ ඉදිරි කාලසීමාව සඳහා නියෝජ්‍ය සභාපතිවරයකු සහ උප සභාපතිවරු 6 දෙනකුද එහිදී තේරී පත් වූහ. නියෝජ්‍ය සභාපති ධූරය සඳහා දීප්ති හේවගීගන මහතා පත් වූ අතර ලේකම්වරයා ලෙස කනිෂ්ක වැලිපිටිය මහතාද, භාණ්ඩාගාරිකවරයා ලෙස එරෝෂ් ජයසිංහ මහතාද පත්වූහ.
ශ්‍රී ලංකා චෙස් සංගමයේ නව නිලධාරී මණ්ඩලය
සභාපති - ලක්ෂ්මන් විජේසූරිය මහතා
නියෝජ්‍ය සභාපති - දීප්ති දීප්ති හේවගීගන මහතා
ලේකම් - කනිෂ්ක වැලිපිටිය මහතා
භාණ්ඩාගාරික - එරෝෂ් ජයසිංහ මහතා
උප සභාපතිවරු - මලිත් අකලංක, ආර්.එස්. කළුගම්පිටිය, තුෂා වික්‍රමාරච්චි, ජේ.කේ.සී. කැටලවල, රජීව් තිලකරත්න සහ ප්‍රමෝද්‍යා සේනානායක යන මහත්ම මහත්මීන්
උප ලේකම් - ඉදිරියේදී පත්වීමට නියමිතය
උප භාණ්ඩාගාරික - නිරෝෂන් චතුරංග මහතා
විධායක කමිටුව - විරෝචන පෙරේරා, එල්.වී. මුදලිගේ, වෂිනි චමිත්‍රි, සංජීව අනුරාධ සහ ළහිරු මුනසිංහ යන මහත්ම මහත්මීන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.