Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නව ක්‍රීඩා රෙගුලාසි පැනවීමේදී වයස 70 ට වැඩි පුද්ගලයන්ට ක්‍රීඩා තනතුරු දැරීම තහනම් කිරීමට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට ක්‍රීඩා ප්‍රවීණයන් රැසක් සූදානම් වන බව වාර්තා වේ. එවැනි වයස් සීමාවන් පැනවීම ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රඥප්තියට පටහැනි බැවින් ඒ සඳහා ගන්නා කවර උත්සහයකට වුවද එරෙහි විය යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම් ප්‍රේමා පින්නවල මහතා ඉකුත් දා පැවති එම සංගමයේ මධ්‍යම කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනයේ නිරතව සිටින පුද්ගලයන්ට වයස් සීමාවක් පැනවීම ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රඥප්තියට මුළුමනින්ම පටහැනි බැවින් ඒ පිළිබඳව අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමය දැනුම්වත් කිරීමට පියවර ගත යුතු බවයි.
ප්‍රේමා පින්නවල මහතා වසර 14 කට ආසන්න කාලයක් ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් ධුරයද දරා තිබෙන ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රසිද්ධියක් උසුලන නිලධාරියෙකි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දුන් ප්‍රතිඥාව අනුව මෙරට ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය මෙම වසර අවසානයට පෙර සිදුකිරීමට අපේක්ෂා කරයි. මෙසේ මෙරට ක්‍රීඩා රෙගුලාසි ගණනාවක් සංශෝධනය කෙරෙන්නේ ජාත්‍යන්තර ඔලිම්පික් ප්‍රඥප්තියට හානි කර යැයි හඳුන්වාගෙන තිබෙන ක්‍රීඩා රෙගුලාසි ය.
ඒ අනුව මෙරට ක්‍රීඩා පරිපාලනයේ නිරතවන්නන්ට වයස් සීමාවන් පැනවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා එකඟතාවය පළ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස වී ඇත්තේ මෙරට ඇතැම් ජාතික ක්‍රීඩා සංගම්හි දීර්ඝ කාලයක් තිස්සේ තනතුරු හොබවන නිලධාරීන් හා නිලධාරිනියන් නිසා ඒවායේ පරිපාලන අර්බුද උග්‍රවෙමින් තිබෙන බවය. එසේම නවකයන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට සඳහාද එම යෝජනාව ක්‍රියාවට නැගිය යුතු බව ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහස වී තිබේ.
මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රවීණයන් එක්ව සකස් කළ ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංශෝධිත ක්‍රීඩා රෙගුලාසි ඇතුළත් කොටුම්පත අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කිරීම සඳහා මේ වන විට සූදානම් කර ඇතැයි වාර්තා වේ.
එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මෙරට ක්‍රීඩා පරිපාලනයේ නිරතවීම වයස 70 ට වැඩි පුද්ගලයන්ට තහනම් කරන්නේ අදාළ ජාතික ක්‍රීඩා සංගමයට අයත් ජාත්‍යන්තර මවු සංගමයේ රෙගුලාසිවලට අනුකූලව නම් පමණක් බවය. ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ අදාළ ජාත්‍යන්තර මවු සංගමයේ පරිපාලන තනතුරු දැරීමේදී වයස් සීමාවන් පනවා තිබේ නම් පමණක් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩා රෙගුලාසි පැනවීමේදී අවධානයට යොමු වන බවය.
මේ අතර දේශපාලනඥයන්ට තනතුරු දැරීම තහනම් කිරීමේ ක්‍රීඩා රෙගුලාසි පිළිබඳවද යළි අවධානයට යොමු කිරීමට තීරණය වී තිබේ. එහිදී ක්‍රීඩා පරිපාලනයේ තනතුරු හෙබවීමට සුදුසුකම් ඇති දේශපාලනඥයන්ට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව මෙරට ක්‍රීඩා පරිපාලන තනතුරු දැරීමේ අවස්ථාව තවදුරටත් සලසාදීම ඒ අනුව වෙනස් නොවන බවද වාර්තා වේ.
නව රෙගුලාසිවලින් කියවුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සිට ඕනෑම ප්‍රාදේශීය දේශපාලන අධිකාරියකින් හෙබි දේශපාලඥයන්ට ජාතික ක්‍රීඩා සංගම් තනතුරු දැරීම තහනම් වන බවය.
ජාතික ක්‍රීඩා සංගම්හි සාමාජික ධුරය දරන්නන්ගේ මූල්‍ය කටයුතු දැනුම පරීක්ෂාවට ලක් කිරීම ඒවායෙහි නිලවරණ කැඳවන කාලසීමාව සංශෝධන කිරීම, ජාතික ක්‍රීඩා සංගම් වාර්ෂික ගිණුම් වාර්තා රජයේ විගණකාධිපති අංශයේ නිරීක්ෂණයට ලක් කිරීම අනිවාර්ය කිරීම එහි නව වගන්ති ගණනාවක් මේ වන විට සූදානම් වී තිබෙන බවද ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.