Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වසන්ත සමය බැඩ්මින්ටන් තරග 24 දා සිට

වසන්ත සමය බැඩ්මින්ටන් තරග 24 දා සිට

editorial - 2022 අප්‍රේ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

නුවරඑළිය වසන්ත සමයට සමගාමීව මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය 24 වැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මෙම මස 24 වැනිදා සිට 30 වැනිදා දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

පළමු කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් වන මෙම තරගාවලිය ඉසව් 36 කින් සමන්විත වේ. පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 ට අමතරව වයස අවුරුදු 13 සිට 19 දක්වා කනිෂ්ඨ තරගද, වයස අවුරුදු 30 සිට 60 දක්වා ජ්‍යෙෂ්ඨ තරගද ඊට ඇතුළත් වේ. 

මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා සමාජ සහ පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 700 කට වැඩි පිරිසක් සහභාගි වෙති. තරගාවලියේ සමාරම්භක උත්සවය මේ මස 24 වැනිදා පෙරවරු 9.00 පැවැත්වෙන අතර සමාප්ති උත්සවය 30 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.  


අදහස් (0)

වසන්ත සමය බැඩ්මින්ටන් තරග 24 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.