Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ සහ ශානුක අරවින්ද)
ආසියානු කුසලාන පැසිපන්දු ‘බී’ කාණ්ඩයේ (කාන්තා) තරග වටයට සහභාගි වී සිටින ශ්‍රී ලංකාව හෙට (13) කසකස්තානය සමග සිය පළමු තරගයට සහභාගි වෙයි. මෙම තරගාවලිය හෙට සිට ලබන සෙනසුරාදා (19) දක්වා තායිලන්තයේ ‘බැංකොක්’ නුවරදී රටවල් අටකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
ඒ සඳහා අංජලි ඒකනායකගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා පැසිපන්දු (කාන්තා) කණ්ඩායම ඊයේ (11) දිවයිනෙන් පිටත්ව ගියේය.
ටොරින්ටන් පෙදෙසේ ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවනාගාරයේදී පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ ලේකම් චන්දන ලියනගේ මහතා පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශ ජාතික ඔලිම්පික් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද මෙම තරග සංචාරයේ සාර්ථක කර ගැනීම සඳහා පැසිපන්දු සම්මේලනයට සහයෝගය ලබාදෙන බවයි.
ඒ හා බී කාණ්ඩ දෙකකින් මෙහි මූලික ලීග් තරග වටය පැවැත්වේ. ‘බි’ කාණ්ඩයෙන් මුලික වටයේ තරග වදින ශ්‍රී ලංකාවට කසකස්තානය, ජෝර්දානය හා සත්කාරක තායිලන්ත ප්‍රතිවාදීන් ලෙස එහිදී මුණගැසේ.
ඒ අනුව ජෝර්දානය සමග සඳුදා (14දා) තායිලන්තය සමඟ අඟහරුවාදා (15) ලිග් වටයේ සෙසු තරග දෙකට ශ්‍රී ලංකාව සහභාගි වේ.
ඉන්දුනීසියාව, ඉරානය, මලයාසියාව හා මොන්ගෝලියාව ‘ඒ’ කාණ්ඩයෙන් ලීග් තරග වටයට එක්වේ. ඒ අනුව දෙවැනි (අවසන්) වටයේ තරග බ්‍රහස්පතින්දා (17) ආරම්භවීමෙන් පසුව අවසන් පූර්ව තරග සිකුරාදා (18) හා අවසන් මහ තරගය සෙනසුරාදා (19)ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලියේ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාව මූලික වටයේ අවම තරග දෙකක්වත් ජය ගත යුතුව ඇත.
අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ අධීක්ෂණයෙන් ආසියානු පැසිපන්දු සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කිරීමේ වැදගත්කම නම් තරග වටයේ ශූරියන් ආසියානු කුසලාන ‘ඒ’ කාණ්ඩයට උසස්වීම් ලැබීමයි.
වසර 2022 පැවැති දකුණු ආසියානු පැසිපන්දු ශූරතා තරගාවලියේ දී මාලදිවයින පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන ‘බී’ කාණ්ඩයේ (කාන්තා) තරගාවලියට නිර්දේශ ලබා තිබේ. ඒ දකුණු ආසියානු තරගාවලියේ ශූරීයන් බවට පත් වෙමිනි.
ශ්‍රී ලංකාව වසර ගණනකට පසුව ආසියානු පැසිපන්දු (කාන්තා) තරගාවලියකට නිර්දේශ ලබා සිටීම කැපී පෙනේ. මෙම තරග සංචාරයේදී නේවාසික පහසුකම් සඳහා එක් ක්‍රීඩිකාවකට ඩොලර් 50ක මුදලක් අමතරව වැය කිරීමට සිදුව තිබේ.
බැංකොක් නුවර තරගාවලිය නිමාවට පත්වීමෙන් පසුව එහි ශූරියෝ ‘ඒ’ කාණ්ඩයට උසස්වීම් ලබති. එහිදී පැවැති ආසියානු කුසලාන - ‘ඒ’ කාණ්ඩයේ අවසන් (8) වැනි ස්ථානය පත් චීන-තායිපේ ‘බී’ කාණ්ඩයට ඇතුළත් කෙරේ.
‘සිඩ්නි’ නුවරදී පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගාවලියේ දී චීන-තායිපේ ලෙබනනයට පරාජයට වීමෙන් ‘බී’ කාණ්ඩයට පහත හෙළා තිබේ.
සෙලාන් බැංකු ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා අන්ජලී ඒකනායක ජාතික කණ්ඩායමේ වසර අටකට ආසන්න කාලයක් කල් ගෙවන ක්‍රීඩිකාවකි.
ආසියානු කුසලාන ‘බී’ කාණ්ඩයේ තරග වටයට සහභාගි වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම
අන්ජලි ඒකනායක (නායිකා), ඈන් ස්ටෙෆනි (උපනායිකා), බෙනිකා තලගල, කමලිනි මිල්ස්, එෆ්සිබා වොෂින්ටන් ක්ලේ, හසිනා අබ්දුල්, ලුබ්නා මෝසෙත්, ටානියා පෙරේරා, යසන්ති සමරසිංහ, මිනෝලි ඩිරෙක්ස්, සඳලි මල්ෂා එච්.කේ. තිසරි.
නිලධාරීන්:-
ප්‍රධාන පුහුණුකරු ප්‍රසන්න ජයසිංහ, සහය පුහුණුකරු රන්දිම සූරියආරච්චි, කණ්ඩායම් කළමනාකාරිණි වත්සලා දිසානායක, කණ්ඩායම් ප්‍රධානි ජාලිය කුමරි, අභ්‍යාසක චමින්ද කුමාර හා සම්මේලන නියෝජිත රොඩ්නි ඔකෙස් යන මහත්ම මහත්මින්.
මෙම තරග සංචාරය සඳහා ස්කින්ස්සා, බ්‍රැන්ඩික්ස් හා හැටන් නැෂනල් බැංකුව පහසුකම් සැලසීමෙන් සහය අනුග්‍රහය දක්වති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.