Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විවෘත ශූරයා වික්‍රමසිංහ

විවෘත ශූරයා වික්‍රමසිංහ

editorial - 2024 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

මධ්‍යම පළාත් සභාපති කුසලාන අයෝමය පුරුෂයා තේරීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවේ ජී.ජී.එම්. වික්‍රමසිංහ විසින් දිනාගන්නා ලදි. එහි අනුශූරතාව ඒ.අයි.එම්. ශාරීරික යෝග්‍යතා ක්‍රීඩා සමාජයේ එන්.එම්.එල්.යාසීන්ට හිමිවිය.

පාසල් අයෝමය පුරුෂයා ලෙස මාතලේ ශාන්ත තෝමස් විදුහලේ සී. එච්. සරච්චන්ද්‍ර අභිෂේක ලැබිය. මාතලේ ශාන්ත තෝමස් විදුහලේ අයි.බී. හේරත් පාසල් අනු ශූරතාව හිමිකරගත්තේය. සමස්ත තරගාවලියේ හොඳම මස්පිඬු ප්‍රදර්ශකයා වශයෙන් තුෂාර රත්නායක සම්මාන දිනාගත්තේය.

ශ්‍රී ලංකා කායවර්ධනහා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති මෙම තරගාවලිය මහනුවර දිස්ත්‍රික් කායවර්ධන සංගමය විසින් සංවිධානය කරන ලදි. තරගාවලිය පසුගිය සෙනසුරාදා (01 වැනිදා) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීපැවැත්විණි .

තරගාවලිය සඳහා මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩකයන් 250 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර මහනුවර දිස්ත්‍රික් කායවර්ධන සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝගය්‍යතා සම්මේලනයේ උපසභාපති ආර්.එම්.එස්. බණ්ඩාර මහතා තරඟාවලියේ  සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කළේය .

 

තරග ප්‍රතිඵල

කි. ග්‍රෑ. 55 බර බර පන්තිය
1. එස්.පී. රූපසිංහ
2.  එස්.  චරිදු
3. සී.එච්. සරච්චන්ද්‍ර

කි. ග්‍රෑ. 60 බර පන්තිය
1. ටී.එන්.චල්ලංග
2. එස්.සී. චතුරංග
3. සී.එන්.සචින්

කි. ග්‍රෑ. 65 බර පන්තිය
1. ජී.ජී. කනිෂ්ක
2. එල්.කේ. හුසේන්
3. එම්.එස්. කුමාර

කි. ග්‍රෑ. 70 බර පන්තිය
1. එස්.එම්. යාසීන්
2. එච්.ආර්.ජයවික්‍රම
3. නදීක කොඩිකාර

කි. ග්‍රෑ. 75බර පන්තිය
1. තුෂාර රත්නායක
2. එස්. ලක්නේෂ්

කි. ග්‍රෑ. 80 බර පන්තිය
1. ජී.එම්. වික්‍රමසිංහ
2. ඒ.එල්.ලියනගේ
3.  එස්.එම්. තිලක

කි. ග්‍රෑ. 85 බර පන්තිය
1. ආර්.එම්.එන්.රත්නායක
2. ශංකර් ගනේෂ්
3.  ජී.අයි.සිල්වා

පාසල් අංශය
1. සී.එච්. සරත්චන්ද්‍ර
2.  අයි.බී. හේරත්
3. එස්.එස්. සමරවික්‍රම

සමස්ත තරගාවලියේ ජයග්‍රාහකයෝ

 

පාසල් තරගාවලියේ ජයග්‍රාහකයෝ


අදහස් (0)

විවෘත ශූරයා වික්‍රමසිංහ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.