Last Update  :  2025-03-14 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විශාඛාවන්ගෙන් විශිෂ්ට දස්කම්

විශාඛාවන්ගෙන් විශිෂ්ට දස්කම්

editorial - 2024 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් දැල්පන්දු ශුරතාවලියට ඇතුළත් බස්නාහිර පළාත් දැල්පන්දු තරගාවලියේදී පසුගස්කන්ද විශාඛා බාලිකාවෝ වයස අවුරුදු 18 න් පහළ ශුරතාවය දිනාගත්හ. මෙම ජයග්‍රහණයට අමතරව ඔව්හු වයස 16 න් පහළ තරගාවලියේ තුන්වැනි ස්ථානයටත් හිමිකම් කීහ.

බස්නාහිර පළාතට අයත් අධ්‍යාපන කලාප 11 ක තරග වලින් අනතුරුව ජයාග්‍රාහි පාසල් කණ්ඩායම් 22 ක් මෙම තරගාවලියට සහභාගි වූහ. එහිදී වයස 18 න් පහළ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සපුගස්කන්ද විශාඛාවෝ සමත් වූහ.

අවුරුදු 18 න් පහළ අවසන් පුර්ව තරගයේදී විශාඛාවන් විසින්  කොළඹ මියුසියස් විදුහල ලකුණු 13/11 ක් ලෙසින් පරාජය කරන ලදි. අවසන් තරගයේදී කළුතර ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය ලකුණු 12/11 කින් පරාජය කළ සපුගස්කන්ද විශාඛාවෝ පළමු වරට බස්නාහිර පළාත් දැල්පන්දු ශුරතාව දිනාගත්හ.

අවුරුදු 16 න් පහළ තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී සපුගස්කන්ද විශාඛා විද්‍යාලයීය කණ්ඩායම විසින් පාදුක්ක සිරි පියරතන විදුහල ලකුණු 18/07 කින් පරාජය කරමින් තෙවන ස්ථානය හිමි කරගන්නා ලදී.

 
 
 
18 න් පහළ ශූරතාව දිනාගත් කණ්ඩායම සහ 16 න් පහළ තුන්වැනි ස්ථානය දිනාගත් කණ්ඩායම විදුහල්පතිනී දයානි තිලකසිරි, නියෝජ්‍ය විදුහල්පතිනි සේනානි දිපිකා, ක්‍රීඩා භාර ආචාරිණි පුෂ්පා රංජනී, ක්‍රීඩා භාර ආචාරිණි අනුරාධිකා වෛද්‍යතිලක, දැල්පන්දු ක්‍රීඩාව භාර ශිරන්ති ප්‍රසාදිකා යන මහත්මීන් සහ පුහුණුකාරිණි සුරේකා කුමාරි මෙනවිය ජායාරූපයේ වෙති.
 
- 213

අදහස් (0)

විශාඛාවන්ගෙන් විශිෂ්ට දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.