Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙරළ වොලිබෝල් ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට

වෙරළ වොලිබෝල් ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට

editorial - 2020 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිරිමි ශූරතාව දිනාගත් ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම පුහුණුකරු සමග


හෙයියන්තුඩුව තරුණ සේවා මධ්‍යස්ථානයේ දී පැවති 32 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. ඒ අවසන් මහ තරගයේදී වට 2-0 කින් හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

එස්.අයි. මධුෂාන් හා සඳුන් මධුෂික ජයග්‍රාහි ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කළහ.  අනුශූරතාලාභි හම්බන්තොට කණ්ඩායම ඩබ්ලිව්.කේ. විජේදාස හා කේ.ජී.එස්. බණ්ඩාර ගෙන් සමන්විත විය‍.

යොවුන් ක්‍රීඩා (2020) වෙරළ වොලිබෝල් (පිරිමි) තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවති තරගය අනුරාධපුරය දිස්ත්‍රික් කණ්ඩායම ජය ගත්තේ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම වට 2-0 කින් පරාජයට පත් කරමිනි.  

කෙසේ වුවත් කොරෝනා රැල්ලක අවදානම රට තුළ උද්ගතව තිබීම හේතුවෙන් මෙම තරගමාලාවේ කාන්තා ඉසව්ව පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමූ බව ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) ධර්මකීර්ති උක්වත්ත මහතා පැවසීය.

 

අනුශූරතාව ලද හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායම පුහුණුකරු සමග


අදහස් (0)

වෙරළ වොලිබෝල් ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.