Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වේගවත්ම පළමු පෙළ ද්විත්ව ශතකය භානුකගෙන්

වේගවත්ම පළමු පෙළ ද්විත්ව ශතකය භානුකගෙන්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම පළමු පෙළ ද්විත්ව ශතකය ලබාගැනීමට බී.ආර්.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන භානුක රාජපක්ෂ සමත් විය. එය 1975 න් පසුව වාර්තා වූ ලොව හයවැනි වේගවත්ම ද්විත්ව ශතකය යයිද වාර්තා වේ.  ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලැබීමට පෙර (1982 ට පෙර) අන්තර් ක්‍රීඩා සමාජ තරග වලදී ද්විත්ව ශතක වාර්තා වී ඇති නමුත් ඒවා පළමු පෙළ වර්ගීකරණයට අයත් නොවේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට එරෙහිව පැවැති පළමු පෙළ තරගයේදී පන්දු 29 කින් අර්ධ ශතකය ලබාගත් භානුක, පන්දු 80 කදී ශතකයද, පන්දු 104 කදී ලකුණු 150 සීමාවද, පන්දු 129 කදී ද්විත්ව ශතකයද සම්පූර්ණ කළේය. ඉන් නොනැවතුන ඔහු තවත් පන්දු 36 ක් තුළ ලකුණු 250 සීමාවද ඉක්මවා ගියේය.

ඉමේෂ් උදයංගගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට පන්දු 178 කට මුහුණදී සිටි භානුක, හයේ පහර 19 ක් සහ හතරේ පහර 22 ක් සමග ලකුණු 268 ක් ලබා සිටියේය. එහිදී ඔහුගේ ලකුණු ප්‍රවේගය 154.91 ක් ලෙස සටහන් විය. භානුකගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ බී.ආර්.සී. කණ්ඩායමට මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 247 ක දැවැන්ත ජයක් හිමිවිය.

මේ දක්වා පළමු පෙළ තරග 64 කට ක්‍රීඩාකර ඇති භානුක එහිදී ලකුණු 2855 ක් රැස්කරගෙන ඇත්තේ ශතක 5 ක් සහ අර්ධ ශතක 14 ක් සමගිනි. අතිරේක පන්දු යවන්නකු ලෙසද කටයුතු කරන ඔහු කඩුලු 33 ක් බිඳහෙළීමටද සමත්ව සිටියි.


1975 න් පසුව වාර්තා වූ ලොව වේගවත්ම පළමු පෙළ ද්විත්ව ශතක පහත පරිදි වේ.

■    පන්දු 89 - ශෆිවුල්ලා ෂෙන්වරි  
■    පන්දු 123 - රවී ශ්‍රාස්ත්‍රි
■    පන්දු 123 - ඇනුයිරින් ඩොනල්ඞ්
■    පන්දු 124 - ක්ලයිව් ලොයිඞ්
■    පන්දු 128  - ඬේමියන් මාටින්
■    පන්දු 129 - භානුක රාජපක්‍ෂ


-036

 


අදහස් (0)

වේගවත්ම පළමු පෙළ ද්විත්ව ශතකය භානුකගෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.