Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වේයන්ගොඩ බණ්ඩාරනායකයට කඩුල්ලක තියුණු ජයක්

වේයන්ගොඩ බණ්ඩාරනායකයට කඩුල්ලක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හේනේගම මධ්‍ය විද්‍යාලය සහ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) පැවැති 4 වැනි ‘නීල හරිත සංග්‍රාමය’ වාර්ෂික එක්දින මහ ක්‍රිකට් තරගයේදී කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් හේනේගම මධ්‍ය විද්‍යාලයට ඕවර 49.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 206 ක් පමණි. ශෙහාන් ලක්ෂාන් (62) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ප්‍රමිත් දර්ෂණ (38) ලකුණු 38 ක් රැස්කරමින් හේනේගම මධ්‍ය විද්‍යාලය ලකුණු 200 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්විය.

චමත් කල්හාර කඩුලු 3 ක් ද ශාලින්ද හපුආරච්චී සහ කවිෂ්ක මදුමාල් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 207 ක ඉලක්කයක් හඹාගිය බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය ඕවර 49.5 කදී කඩුලු 9 ක් දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය.

එඑන්.සංතුෂ් ලකුණු 84 ක් රැස්කරමින් ජයග්‍රහණයට අඩිතාලම දමාදුන් අතර කවිෂ්ක මදුමාල් නොදැවී ලකුණු 31 ක් රැස්කරමින් බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

මනුජිත් දේශාන් කඩුලු 4 ක් ද සමිත් විජේනායක සහ ප්‍රමිත් දර්ෂණ කඩුලු 2 බැගින් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද සිය පාසල පරාජයෙන් ගලවා ගැනීමට ඔවුන් අපොහොසත් වූහ.


හේනේගම මධ්‍ය විද්‍යාලය - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(ශෙහාන් ලක්ෂාන් 62, ප්‍රමිත් දර්ෂණ 38, චමත් කල්හාර 44/3, ශාලින්ද හපුආරච්චී 33/2, කවිෂ්ක මදුමාල් 36/2)

බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය - ඕවර 49.5 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 210
(ඒ.එන්.සංතුෂ් 84, කවිෂ්ක මදුමාල් නොදැවී 31, මනුජිත් දේශාන් 29/4, සමිත් විජේනායක 19/2, ප්‍රමිත් දර්ෂණ 40/2)

 


අදහස් (0)

වේයන්ගොඩ බණ්ඩාරනායකයට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.